Sunday, June 13, 2021

සීතල ගමක වැහි දාක...

 අපේ ජීවිත වගේම

නිවි නිවී යන;

කෝපි කෝප්පෙකුයි

ගෝල්ඩ්ලීෆ් එකකුයි අතේ තියාගෙන

සවස් වරුවට;

නවතින්නේ නැතිව

වැහි වැටෙන ගමක,

හිරිකඩ අතරින්

සිගරට් දුම පියාඹන,

හුදෙකලා වුනු

සොඳුරු සීතල ආලින්දයක;

පරණ මතක අලුත් කරවන

හදවත තුල ගිනිකඳු පුපුරවන

සියොළඟම උණුහුම් කරන

උඹ මට දීලා ගිය මතක ගොඩ එක්ක,

අතීතකාමයෙන් වෙලුනු

වස්සාන ඇඳිරියේ වැහි

බිංදු අතරින් හමා ගිය අපේ කාලය

හෙලා ගිහින් තැන තැන අපිව සීසීකඩ

කොහේ කොතැනක අද නුඹ

ඉන්නවාදැයි

නොදනිමි

නොනිදමි

සිතමි

නොමියන

සෑම දිනෙකම

තනිව මම:

පත්තර කොළවල

සඟරා පිටුවල හැම දින,

අපේ කතන්දර,

අපේ නම් ගම්

මනඃකල්පිත ලෙස

ලියා තිබුනා

අපේම ජීවිත,

අපේ හිත් ගැන...

උඹ එක්ක මම හිටියා

ඒ කවි-කතා-නිසඳැස් තුලම

දහස් ගණනින්

එහෙම ඒව්වා වැටී තිබුනා

ඒම පිටු වල

එකම ළඟ, එක දිගට...

Campus එකම වහගත්ත හන්තානේ, කන්ද පාමුල, මහවැලියේ ඉවුරු යා කරපු අක්බාර් පාලම උඩ, ජොයින්ට් එකක් ගහන ගමන් අහස දිහා බලාගෙන, බැහැගෙන ගියපු ඉර, නැග...