Tuesday, January 16, 2024

මනස්ගාත 💜️

 

දවස ගානේ හිත ඇතුලේ පිරෙන darkest fucked up thoughts ටික කෝම හරි ඔලුව ඇතුලේ හදාගත්ත කලු පාට container එකක පුරව පුරව, සතියකට සැරයක් ඉගෙන ගන්න techniques ඔක්කොම use කර කර, impulses පුලුවන් තරම් control කරගෙන , Radical Acceptance එක්ක දවස ගානේ දවස් හතක් ඉවසගෙන ඉඳලා සතියක් තිස්සේ කාගෙන යන්න බලන් ඉන්න ,

ජීවිතේම kinda depend උන NHSL එකේ Psychotherapy Session එකට යන්න හොඳටම පරක්කු වෙලා!

ඒත් ට්‍රැෆික් එක නිසා tortoise bois කෙනෙක් වගේ පට්ටම හෙමින් යන්න වෙලා!

උගේ ගමනේ නම් consistency එක හරි තියෙනවා, මේ රෙද්දේ එහෙමත් නෑ! 

Appointment එක උදේ නමයට

දැන් අටයි පනස් පහයි!

තාම රාජගිරියේ!

Flyover එක පටන් ගන්නකොටම

කාගෙන්ද කියලා දන්නෙ නැතුව

ආපු කෝල් එක,

ළඟම යාළුවෙක් අළුතෙන්ම අරන් දීපු, මාස දෙකක් තිස්සේ එකම සින්දු හතරක්* onrepeat අහලම වයර් ඇදුනු JBL Earphone එකෙන් ආන්ස්වර් කලා!!!

"හෙලෝව් ඉෂාන්! ගුඩ් මෝනිං!"

Awwwww!!! ඒ පණ්ඩිත කට හඬ 🙈🥺💜️

'මගේ' ස්‍යිකොලොජිස්ට්!!!

මම හෙලෝ කිව්වට එයාට ඇහෙන්නේ නෑ,

"හෙලෝව් ඉෂාන්!!!... හෙලෝව්, හෙලෝව්..!?..."

මෙලෝ මල දානයක් මතක තියාගන්න බැරි මෝඩ මොළේට පාරවලුත් වෙනසක් නැති නිසා ගූගල් මැප් එකේ ගෑනිට නිදහසේ කතා කරන්න දීලා තිබුනේ, ඒක නිසාද කියලත් හිතුනා එයාට මගේ පැත්තෙන් ඇහෙන්නැත්තේ!!!

මෝඩ logic එකක්, ඒත් ඒම හිතුනා ඉතින්!

ඒ අස්සේ මගේ ඉස්සරහම තිබ්බ ඉරක් කපාගෙන මම වගේම පාර මැද්දෙන් හිටපු Beemer 740එල්ඊ එක, එක පාර බ්‍රේක් ගැහුවා,

මම උගේ වාහනෙට වඩා ඒකෙන් මේ යාලුවෙක්ගෙන් මාස හතරකට ඉල්ල ගත්ත පල්සර් එක බේරගන්න බ්‍රේක් ගහපු පාර Earphone එකේ එක පැත්තක් ගැලවිලා හෙල්මට්ටෙකේ පටියේ රැඳිලා එල්ලෙන්න ගත්තා!

BMW එකක් පිටි පස්සෙන් ඇනලා නිකන් නඩු දාගන්න ඕන නෑනේ!

"Hello! Ishan!?"

"අයියෝව් between එයාගෙයි මගෙයි minds, Telepathy වගේ සීන් එකක් තිබ්බා නම් මෙච්චර මේ ට්‍රැෆික් එකක් අස්සේ කෝල් එකක් ආන්ස්වර් කරගන්න බැරුව කට්ටක් කන්න ඕන නෑනේ!", කියලා

හිතලා වටේ බලද්දි තාම පාලම මැද හරියටවත් ඇවිත් නෑ!

එහා පැත්තෙන් තවමත් tone එක වෙනස් වෙවී එයාගේ "Hellow!" එක ඇහෙනවා ප්‍රශ්නාර්ථයක් එක්ක!

තවමත් පාලමේ climbing part එකේ හිටපු නිසා ට්‍රැෆික් එක අස්සේ අත් දෙකෙන් එකක්වත් අත අරින්නත් බෑ! බයික් එකේ display පැනල් එක නැතුව න්‍යුට්‍රල් එක හොයා ගන්නත් අමාරුයි!

කෝම හරි එයා කෝල් එක කට් කලා! Hello Hello කියලා ට්‍රයි කරලම මහන්සි හිතෙන්න ඇති!

පවු 🥺

මමද එයාද දන්නේ නෑ, මොනා උනත් පවු!!!

ආයේ ගන්න විදිහකුත් නෑ,

හු*තේ traffic එක unpredictable af නේහ්!

ගූගල්ට boisට ඇහෙන්නෙත් නෑ,

"හේයි ගූගල්!" කිව්වට!

ඇයි ඉතින් අපේ උන් ඩ්‍රයිව් කරන්නේ හෝන් එකෙන්නේ!

Traffic එකේදි ඒක හොඳටම වැඩියි!

කෝම හරි බයික් එක නතර කර කර  පොඩි දුරක්, ගොඩක් වෙලා ගිහින් flyover එක ඉවර වෙන හරියෙදියි මීටර් උනේ,

"යකෝ, එහෙම අපි දෙන්නගේ minds connect වෙන්න විදිහක් තිබ්බා නම්, 

එයාට මගේ mind එක read කරන්න පුලුවන් උනා නම්,

මෙච්චර කට්ටක් කන්න ඕන්නෑ, ගෙදර ඉඳගෙනම sessions 10කින් විතර මං වචනයක්වත් නොකියම එයා මට දැනෙන විදිහ දැනගෙන ඉවරයි! මගේ ඔලුව ඇතුලේ ඒ හිටපු කාලෙට එයාටත් දැන් මට වගේම පිස්සු හැදිලා ඉවරයිනේ!" කියලා!

ඒත් එහෙම උනොත් මට එයාව personally meet වෙන්න වෙන්නෙත් නෑ හැබැයි!

ගෙදර ඉඳන්නේ වැඩේ යන්නේ වැඩිම උනොත් මාසෙට පාරක් වගේ හම්බ වෙන්න වෙන්නේ 🥺

ඒත් දෙන්නම එකම පිස්සුවෙන් තැන් දෙකක ඉද්දිත් ආතල් එකක් තියෙයි කියලා හිතුනා!

ඒකම අනිත් පැත්තට උනත් කමක් නෑ ඉතින්, sessions 10ට වඩා අඩු කාලයක් යයි probably, but it'll happen, cuz සයිකොලොජිස්ට්ස්ලටත් පොඩ්ඩක් trackනේ! LOL!

මේක මතක් උන ගමන් කාසල්ස්ට්‍රීට් එකේ වම් පැත්තට කරලා බයික් එක නවත්තලා මේක ටයිප් කරන්න ගත්තා! පරක්කු උනාට කමක් නෑ, දැන් මට එයාට කෝල් එකක් අරගෙන කියන්න පුලුවන් තව පැය කාලෙන් එනවා කියලා Ward 59 එකට!

ඔය ටික එක පාර මීටර් වෙන්න ටිකක් වෙලා ගියා, ඉස්සර එහෙම නෑ, මොළේ ඉක්මනට process උනා, ඒත් දැන් case, fucking  brain ain't braining as it used to be! මොළේට එහෙම වෙන්න හේතුවයි,  ඒක එහෙම වෙලා තියන එකමයි තමයි එයාව හම්බ වෙන්න යන්න මුල පෑදුවෙත් පහු ගිය අවුරුදු 12ක තිස්සේ විතර ඉඳලා!

මේ ටික type කර කර ඉද්දි මෙච්චර වෙලා පැය භාගයක් විතර මං පාස් කරගෙන ආපු වාහන ටික ඉබ්බෝ ටිකක් වගේ මාව පාස් කරගෙන යද්දි උන් ටික දිහා උපේක්සාවෙන් බලාගෙන මම එයාට කෝල් කලා...!!!




*ඒ සින්දු හතර

මතක සොයා - මාහිරු සේනාරත්න

සන්ධ්‍යාවේ මා - මාහිරු සේනාරත්න ft රෂාන් බාලසූරිය

ආයේ මගේ රිදෙන ආදරේ - මාහිරු සේනාරත්න

Fix You - Coldplay




Campus එකම වහගත්ත හන්තානේ, කන්ද පාමුල, මහවැලියේ ඉවුරු යා කරපු අක්බාර් පාලම උඩ, ජොයින්ට් එකක් ගහන ගමන් අහස දිහා බලාගෙන, බැහැගෙන ගියපු ඉර, නැග...