Thursday, February 20, 2025

mh@Ward59

Prologue:

This Monologue happened back in midNovember 2023 at the University Psychiatric Ward 59! Between a patient with MDD and BPD who almost went through with taking his ownlife and his newly appointed psychologist! After conversing for almost 3.30hours the psychologist gave this monologue to her patient who's still in a very fragile state of mind! That's why she talks so smoothingly to him here! Almost like his guardian angel or someone! But dwelving into the next six months of their sessions he improved and along the way she gradually increased the gap between them, sometimes acknowledging him, othertimes with suble gestures!

Here we go!

"මේ දැනුත් ඔයා ඉන්නේ ගොඩාක් ඔලුව අවුල් වෙලා නේද?


ඔයාගේ ඔලුව ඇතුල වෙන කාටවත් තේරෙන්නේ නෑ,

කිසිම දේක ලස්සනක් ඔයාට තේරෙන්නේ නෑ,

කියලා හිතෙනවා තමයි ඉෂාන්!

එහෙම උනේ ඔයාට කාලයක් තිස්සේ උන දේවල් නිසා,

ඒවා ගැන ඉවරයක් නැතුව ඔලුව ඇතුලෙම ඔයාගේ thoughts loop උන නිසා ඉෂාන්!

මම ඔයාට "හැම දේ ගැනම ගොඩාක් හිතන්න එපා!" කියලා දැන්මම කියන්නේ නෑ ඉෂාන්!

But could you just try to think about this for me!

Think about this exact moment!

ඔයාට වෙන කවුරුවත්ම ඕනේ නෑ, ඔයා ළඟම මම ඉන්නවා! මම ඔයාව තේරුම් ගන්න ගොඩාක් try කරනවා! I Promise!!

ඉෂාන්, ඔයා අම්මව, තාත්තව, යාලුවන්ව, හැම දේම අත ඇරලා, අමතක කරලා යන්නම යන්න හැදුවා මාසෙකට කලින්! දැනුත් හැම දේම ඔලුවෙන් අමතක කරලා අපි මේ ඉන්න තැනයි වටෙයි පොඩ්ඩක් වෙලා observe කරන්න try කරන්න! ඔයා වෙනුවෙන් බැරි නම්, මං වෙනුවෙන් ඒක කරන්න!


මගේ perfume එකේ සුවඳේ තියෙන notes එක්ක දැනෙන හැම සුවඳම, කුරුල්ලන්ගේ සද්දේ, වාහන යන එන සද්ද, හුළඟේ සද්දේ, ඒ හැම දේ ගැනම concentrate කරන්න! Push කරන්න එපා, නිදහසේ ඒවා ඇහෙන්න දැනෙන්න දෙන්න!

ඔයාට ගොඩාක් ලස්සන දේවල් පෙනෙයි, ඇහෙයි, දැනෙයි!

හවස අව්ව ගොඩාක් ලස්සනයි ඉෂාන්! ඒ අව්වත් සනීපයි! ඔය එන හුළඟ මූනේ, ඇඟේ වදිද්දී ඒක දැනෙන විදිහ ගැන හිතන්න! ඒ හැම දේම ඔයාව ගොඩාක් relax කරනවා නේද? අපි දෙන්නා මේ එකට ඉන්න moment එකම ලස්සනයි නේද ගොඩාක්!? හැම දේකම, ලස්සනක් තියෙනවා ඉෂාන්, අපි ඉන්න අවුල් එක්ක ඒ ලස්සන සමහර වෙලේට අපිට තේරෙන්නේ නෑ! එක්කෝ කලින් ලස්සන තැනක් මිස් වෙනවා! නැත්තන් ඉස්සරහට එහෙම එව්වා එන්නේ නැති වෙයි කියලා worry වෙනවා! ඒත් මේ වෙලාවෙත් ලස්සන දේවල් අපි වටේට වෙනවා කියන එක අර දෙක අපිට අමතක කරවනවා! ඒක නිසා ඔය හිත හරි පරිස්සමින් present moment එකේම තියාගෙන ඉන්න බලන්න! මම සාමාන්‍යෙන් පිරිමි කෙනෙක්ට ලස්සනයි කියන්නේ නෑ! ඒත් ඔයා ලස්සනයී! ඔයාගේ උස මහත තියෙනවා! හරිම intellectual appearance එකක් තියෙනවා! ඒත් ඒක ඔයාගේ අවුල් වෙලා තීන thoughts වලින් වැහිලා! 

ඒ cloudy ගතිය අපි දෙන්නම එකතු වෙලා අයින් කරන්න ට්‍රයි කරමු!

මට ඔයත් එක්ක හැමදාමත් ඉන්න වෙන්නේ නෑ ඉෂාන්! ඒත් මම පොරොන්දු වෙනවා අපි දෙන්නා ඉස්සරහට මේ එකට ඉන්න හම්බවෙන කාලෙට මම ඔයාට ඔයා කොච්චර worth මනුස්සයෙක්ද, මේ ලෝකෙට ඕන මනුස්සයෙක්ද කියලා ඔයාටම තේරෙන විදිහට හැම දේම explain කරනවා කියලා! මම කියලා දෙන techniques වලින් ඔයාට හිතට දැනෙන කරන්න පුලුවන් ටික එක දිගට කරන්න! මම දන්නවා ඔයා හිත ඇතුලෙන් හිනා වෙනවා ඇති ඒක කවදාවත් වෙන්නෙ නෑ, මම හරිම naive මට ඔයාව තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නේ කියලා! ඒත් මම ඉන්නවනේ ටික කාලයක් උදව් කරන්න! අපි දෙන්නා හම්බ වෙන වෙලාවට ඇරෙන්න අනිත් හැම වෙලේම i will be a msg or a phone call away ඉෂාන්! ඔයාට ඔයාට තියෙන conditions ගැන ගොඩාක් ලොකු insight එකක් තියෙනවා! ඒක නිසාම මම දන්නවා ඔයා මොන වගේ මනුස්සයෙක්ද කියලා! කොච්චර smartද කියලා!

ඔයා පළවෙනි සැරේම engineering select උන කෙනෙක්! මම දෙපාරක් try කරලත් medical faculty යන්න බැරි උන කෙනෙක්! ඒක නිසා කලිනුත් මම කිව්වා වගේ මං වෙනුවෙන් ඔය හිත සතියකට පාරක් මාව හම්බ වෙනකන් ගොඩාක් පරිස්සමින් present moment එකේම තියා ගන්න try කරන්න ඉෂාන්! I can't protect you from the course of the life Ishan! It’s just a symptom of all our lives නේ! But still මම ඔයා ළඟින්ම ඉඳගෙන ඔයාගේ distorted lenses ටික අයින් කරලා දෙන්න promise වෙනවා ඉෂාන්! Please tell me that you will try too, for the sake of me! I really dont wanna let the world lose a guy like you when i could make you feel yourself again Ishan! I promise i will do that! දැන් මම ගියාම මෙතන නිදහසේ ඉන්න ගමන් හරි, ward එකට ගිහින් ඈඳට වෙලා හරි අපි දෙන්නා මෙ කතා කරපුවා reckon කරන්න! මම දන්නවා ඔයාට මේ වෙලාවේ ලොකු දෙයක් දැනෙන්නේ නෑ ඔයා ඉන්න තැනත් එක්ක! ඒත් අද මේ කතා කරපු ටික reflect කරන්න තනියෙම, හැම  වෙලේම ඔයාට එන thoughts ගැන rational වෙන්න බලන්න, logical වෙන්නම try කරන්න! ඔයා oversensitive, ඒකත් එක්කම ඔයාගේ empathy එකත් වැඩි උනාම ඔයා ගොඩාක් emotional වෙනවා, ඊට පස්සේ ලෝකේ වෙන හැම දේටම ඔයාගේ ඔලුව ඇතුලෙන් ඔයාටම බැන ගන්නවා, ඔයාගේ self image එක, self confidence එක, තවත් නැති වෙනවා මේ process එක නිසා! BPDත් එක්ක ඒක එනවා! Impulsiveness ගතිය අපි හදාගමු! ඒකට DBT Therapy කරමු එක දිගට! මම නැති කාලෙකත් ඒවා practice කරන්න! ඉතින් සමහරු කරන්නේ ඒ emotions ටික  එලියට දානවා, කාට හරි බනිනවා, ගහනවා, නැත්තන් ළඟ තියෙන object එකකට ගහනවා! What you do is, you project all that inwards and you punish yourself for all those things and that's so harsh, severe and way more brutal than projecting them outwards!  ඔයාම වැරදියි කියලා හිතා ගෙන ඔයාටම blame එක දාගෙන පහුගිය අවුරුදු වල උන හැම දේකින්ම හිතට ආපු negative thoughts ටික අස්සේ හිර වෙලා ඒ thoughts ටික තවත් reinforce කරගන්නවා! හිතන්නකෝ, අවුරුදු ගානක් තිස්සේ ඒවා එළියට නොදා ඔයාටම බැන ගන්නකොට ඒකේ impact එක! Affect එක, brain එක wire වෙන විදිහ! අත තුවාල කරගන්න එපා ඉෂාන්! ඒක වෙන්නෙත් ඔය කලින් කියපු දේවල් ටික නිසාමයි! ඒක එච්චරටම දරුණුයි! ආයේ එහෙම කර ගන්න ඕන වෙලාවට ඔයා ඔයාගේ චූටිම කාලේ හිටපු self එක මතක් කරගන්න! ඔයා දැන් මට අර පෙන්නපු ඔයාට අවුරුදු දෙකේ, හතරේ හිටපු අහිංසක ලස්සන චූටි බට්ටව මතක් කරගන්න! එයා තවම ඔයාගේ inner child විදිහට ඉන්නවා, මේ ප්‍රශ්න හැම එකකින්ම යට වෙලා! ඉෂාන් එයා එහෙම ප්‍රශ්න වලින් pressure වෙන්න වෙන්න එයාව ගොඩාක් කාලයක් pressurized වෙලා හැදෙන diamond එකක් වගේ කරගන්න බලන්න! ඔයාව තුවාල කර ගනිද්දි හැම වෙලාවෙම හිතන්න එයා ගැන! ඔයා එයාට කවදාවත් එහෙම කරනවද? ඔයාගේ හිත මම දන්නවා! ඒක way too sensitive කියලා මම දන්නවා! ඒක නිසා ඒ චූටි කාලෙ හිටපු ලස්සන ළමයට ඒ දේ කරන්න එපා! එයාව මතක් කරගෙන එයාව පරිස්සම් කරගන්න ඉෂාන්! දැනට ඔයා එක්ක ඔයා තරහා උනත් ඒ ළමයා ගැන හිතලා එයාට කරදරයක් වෙන්න නොදී එයාව ආදරෙන් බලා ගන්න try කරන්න! අද නිදියන්න කලින් Yanniගේ prelude කියන track එක අහන්න! ඒකේ තියෙන එක එක musical instruments වල සද්ද වලට වෙන වෙනම focus කරන්න! ඒක ඔයාව calm කරයි! Anxiety පොඩ්ඩක් අඩු වෙයි! ඔයා ඒ track එක already දන්න නිසා තවත් හොඳයි! Ward එකේදි වෙනදට කොට්ටේ යට ෆෝන් එක තියාගෙන සින්දු අහනවා වගේම අද අන්තිමට ඒක දාගෙන අහන්න! ඔයාට නින්ද යාවි! I promise! මම හැම තිස්සෙම ඔයත් එක්ක ඉන්නවා ඉෂාන්! මම යනකන් මගෙත් එක්ක මේ ගමන යමු! මම ඔයාව judge කරන්නේ නෑ, මම ඔයා එක්ක තරහා ගන්නේ නෑ, ඔයාව මට liabilty එකක් නෙමෙයි! You are nothing but a Blessing to me, literally! ඔයා ඒක විශ්වාස නොකලට මම ඒක දන්නවා! අපි දෙන්නම එකතු වෙලා ඔයාට ඔය වද දෙන ඔයාගේ brain එකයි, mind එකයි strip down කරමු! I wanna see them in their rawest form! එතකොට All them effed up thoughts , all the secrets you keep from the world which taunt you, all the skeletons in your closet, will get stripped down infront of me! And then i will explain theme one by one, the fact that why they are JUST intrusive thoughts, what they does to your brain, how to tackle them, and how to manipulate them instead of them manipulating you, so that you could rewire your brain, make new neural paths, positive ones Ishan! "Neuroplasticity", do a little research on it! අපි දෙන්නා හම්බ වෙද්දි ඔයා ඔරලෝසුව බැඳගෙන එන්න එපා! බැඳගෙන ආවොත් මම ඒක ගන්නවා අපි දෙන්නා කතා කරලා ඉවර වෙනකන්! වෙලාව යන දිහාවක යයි ඉෂාන්! අපි දැනට එයා එක්ක රේස් නොයා ඉමු!

මම දන්නවා ඔයා මේ වෙලාවේ මේවා විශ්වාස කරන්නේ නෑ, මම මගේ job එක ගැන හිතලයි මේ කියන හැම දේම කියන්නේ කරන්නේ කියලා ඔයා හිතයි! ඒත් එහෙම නෑ ඉෂාන්, මට ඇත්තටම ආසයි ඔයා සතුටින් ඉන්නවා දකින්න, to see you dream about something, chasing it and achieving it! මට ඕන ඒක දකින්න! ඒක නිසා අද ඉඳලා ඔයා තනියෙම නෙමෙයි! ඔයාට මම ඉන්නවා! කලිනුත් කිව්වා වගේ ඔය හිත පරිස්සමින් තියාගන්න! එයා හෙන fragileනේ දැනට, ඒත් අපි දෙන්නා එකතු වෙලා එයාව ගොඩාක් optimistic, cheerful, resilient and confident කෙනෙක් කරමු!

Think of me as your friend, sister, mother! My phone is always online for you! හරිද!? අන්තිමට you won't have to put up with all day long fake smiles to convince others that you are okay, instead ඔයාට genuinely හිනා වෙලා ඉන්න පුලුවන්! ඔයා මගෙත් එක්කත් දැන් හිනා වෙවී කතා කලාට මම දන්නවා ඒ ඇත්ත හිනාවක් නෙමෙයි කියලා! මිනිස්සු ජීවිතේ ගැන, ලෙඩ ගැන, ඔයාගේ situation එක ගැන, හැමදාම එකම ප්‍රශ්න අහලා ඔයා ඒවට මුලින් shape වෙන්න උත්තර දීලා, පස්සේ ළඟම අයට ඇත්තම කියලා, එයාලටත් තේරෙන්නේ නැතුව ඔයාට execute කරන්න බැරි advices එයාලගෙන් හම්බ උනාම කාලයක් යද්දි එයාලා හිතනවා ඔයාට ඕන කමක් නෑ හොඳ වෙන්න, ඔයා try කරන්නෙවත් නෑ කියලා! සමහරු එතනදි ඔයාගෙන් ඈත් වෙනවා! ටික දෙනෙක් ඉතුරු වෙනවා! ඔයා විතරයි දන්නේ ඒ එයාලා දෙන advices are so obvious, even you know those are the solutions and how many times you have wondered why you cannot do them කියලා! ඒත් ඔය conditions එක්ක ඒවා කරගන්න බෑ, ඒවා හරිම complicated, confusing, engergy එකක් නෑ එව්වා කරන්න කියලා ඔයා විතරයි දන්නේ! ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි කියලත් ඔයා දන්නවා! තමන්ටම මේ වගේ ප්‍රශ්න එනකන් කාටවත් මේ දේවල් ගැන තේරෙන්නේ නැති නිසා! So you start to pretend that you are alright, and you start to dismiss all those unanswerable repititive questions with a fake smile worrying if you didn't, මේ ඉතුරු වෙලා ඉන්න ටික දෙනත් ඔයාව දාලා යයි කියලා, ඔයාගේ explanations and behaviours are getting so old කියලා හිතලා! ඕක continue උනාම ඒ mechanism එක ගොඩාක් ඉස්සරහට එනවා! ඉතින් ඔයා තනියෙම නැති හැම වෙලේම ඉන්නේ බොරුවට හිනා වෙලා! ඒක අන්තිමට ඔයා දන්නෙනම නැතුව එලියට බහිද්දිම වෙනවා! ඒත් ඒක ඔයා දන්නේ නැති උනාට ගොඩාක් exhausting! ඉතින් ආයේ තනි උන ගමන්, ගෙදර ආපු ගමන් ඒ හිනාව නිකන්ම නැති වෙලා අර fed up උන mood එක එලියට එනවා! ඒකයි ඉෂාන් ඔය ජීවිතේ දාලා යන අය ගොඩක්ම හිනා වෙවී සතුටින් හිටපු අය කියලා එයාලගෙ closeම අයත් කියන්නේ! ඒකට තව හේතු තියෙනවා, එයාලා දන්නවා ගොඩාක්  මිනිස්සු හිනා වෙලා හිටියට එයාලා ඇතුලෙන් suffer කරනවා කියලා, they know how painful and untolerable it in the first hand too! So they try to keep others happily even if they couldn't do it for themselves! ඒ ඔයාගේ empathy එකයි, අනිත් අයගේ emotions read කරන්න තියෙන ability එකයි එක්ක එන ඒවා! දැන් ඒවා සේරම පටලැවිලිලා තීන්නේ! ඒවා ඔක්කොම අපි address කරමු ඉස්සරහට එන මාස හයේදී! Im so excited Ishan! You should be too! අපි කෝම හරි ගොඩ එමු! I'm so grateful i met you out of all the people in here! ඉතින් පරිස්සමින් ඉන්න! අපි ආයේ හෙට හම්බ වෙනකන්!!!"






MVSHP

I remember everything machan. It wasn’t drunk talking. Him passing away after being so close to us and that pain we as friends have gone thr...