Thursday, March 14, 2024

Campus එකම වහගත්ත

හන්තානේ, කන්ද පාමුල,

මහවැලියේ ඉවුරු යා කරපු

අක්බාර් පාලම උඩ,

ජොයින්ට් එකක් ගහන ගමන්

අහස දිහා බලාගෙන,

බැහැගෙන ගියපු ඉර,

නැගීගෙන ආපු හඳ තරු මැද අතරමං උනු අපි අද....

ලංකාවේ එක එක තැන්වල,

ලෝකේ එක එක රටවල,

ජීවිතේ එක එක තැන් වල අතරමන් වෙලා

ආයෙමත් එන්න බැරි වෙන්නම!

එක්කෙනෙක් ආයේ නොඑන්නම ගිහිල්ලා 🥺

සමහරු මේ ලෝකෙට අලුත් ජීවිත ගෙනල්ලා ලොකුම ලොකු වගකීම් වල බැඳිලා,

ඒ අස්සේ මං වගේ උන් මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ නැතුව දහ අතේ කල්පනා කරනව,

මොනෞත්තක්ද මේ ජීවිතේ කියලා!

අනේ මන්දා, මැරිලා ගිය දාට මේ ඔක්කොම එකයි!

Term tests වල ලකුණු, homework නොකර ඒ period එකේ teacher එයිද නැද්ද කියලා මහා ජරා හැඟීමකින් බලන් හිටපුවා, බූට් කාපුවා, වලි වලට ගිහින් ඉස්කෝලෙට/ගෙදරට මාට්ටු වෙලා ගුටි කාපුවා, යක්කු වගේ කෙල්ලෝ එක්ක හිටපුවා, අහිංසකම අහිංසක කෙල්ලෝ එක්ක හිටපුවා, ඉංග්‍රීසි ටීචර්ව බලන්නම ඉස්කෝලේ ගියපු දවස්, AL pass ද, fail ද, කැම්පස් ගියාද නැද්ද, සිරා ජොබ් එකක් සෙට් උනාද නැද්ද, ළමයි හොඳට හැදුනද, කුඩ්ඩෝ උනාද, අඩු වයසින් මැරුනද කියන මේ හැමදේම අපි මැරුනට පස්සේ ඉවරයි!

හිනා වෙලා හිටපුවා, අඬපුවා,

සැහැල්ලුවෙන් හිටපුවා, ස්ට්‍රෙස් උන එව්වා,

ප්ලෑන් ගහපු දේවල්, ඉබා ගාතේ ගෙවුන දවස්,

මේ ඔක්කොම නිකන් අපේ සීයලාtath thibba ප්‍රශ්න, ප්ලෑන්ස්, වොරි උන ඒවා, සතුටු, දුක් උන moments වගෙයි!

අඩුම තරමේ තව අවුරුදු තිහ හතලිහකින් ඊළඟ පරම්පරාවටත් වැඩක් නෑ!

100කින් විතර එක බල්ලෙක්ට වැඩක් නෑ! LOL!

අපේ accounts ටික නම් Social Media Platforms වල වෙනම සොහොන් පිට්ටනි වල remembering කියලා, අපි දන්නෙවත් නැති තැන් වල servers වල ඉතුරු වෙලා තියෙයි කවුරුවත් access නොකරන!

හැමදාම දුවන රේස් එකෙන් අයින් වෙලා විනාඩි දහයකට හරි මගින් කැඩෙන්නේ නැතුව හිතන්න වෙලාවක්, නිදහසක් ලැබුනොත් විතරයි මේවා කල්පනා කරන්න හරි ඔලුවට එන්නේ! මේන්ස්ට්‍රීම් එකේ හුස්ම ගන්නවත් වෙලාව නැතුව දුවන එකෙක්ට මේවා නිකන් ගංජා ගහලා ට්‍රැක පැනලා කියන, මනස්ගාත කියලා හිතෙන ගානටම ඔලුව ට්‍රැක පැනලා තියෙයි! ලොල්! එක්කෝ, "එහෙනම් උඹ ඕවම හිත හිත ඉඳපන්, ඔය බහුබූත හිතන එකෙන් උඹට කන්න අඳින්න හම්බ වෙනවද ඕවා ඇත්ත උනත්!" කියලා හිතෙයි! 

ගොඩක්ම උන් ඔහේ දුවන zombiesලා ටිකක් වගේ!

ඇතුල බොල්, එලියට බොරුවට පෙන්න්නන තෘප්තියක් එක්ක, උදුම්ම ගත්ත ඔලුවක් එක්ක හරි, එක්කෝ, ඔලුවේ පුරවගත්ත මොකද්දෝ කාලකන්නි හැඟීමක් එක්ක ඔහේ දවස ගානේ මහන්සි වෙන ගමන්, මාස තුන හතරකට පාරක් හෙනම frame උන ට්‍රිප් එකක් වගේ එකක් හරි, හෙනම preප්ලෑන්ඩ්, හරිම හදිස්සියෙන් move වෙන tour එකක් ගිහින් ඇවිත් hari අපි ජීවත් උනා, හරිම ඇඩ්වෙන්චර් එකක් කරලා ආවා කියලා හිත රවට්ටගෙන ආයෙමත් අර යන්නන් වාලේ යනවා මෙලෝ නිදහසක් නැතුව!

එක්කෝ ඔය මොනවත්ම නැතුව, ජීවිත කාලෙම ගෙදර ගොඩ ගන්න, පවුලට, අම්මට තාත්තට, සහෝදරයින්ට සලකන්න ට්‍රයි කරලා මැරිලා යනවා!

හෙනම පොඩි දෙනෙක් නිදහසේ ඉඳලා මැරිලා යනවා! හැබැයි ඒ පොඩි දෙනාගෙන් බහුතරේට වෙලාව තියෙනවා මොකද්ද මේ හුත්ත කියලා හිතන්න, වටපිටාවේ අර කිව්ව සෙට් එක දිහා බලාගෙන! එයාලා එයාලවමත් දැකලා!

Ithurutikaliyannakammeliy 😴😴😴

Campus එකම වහගත්ත හන්තානේ, කන්ද පාමුල, මහවැලියේ ඉවුරු යා කරපු අක්බාර් පාලම උඩ, ජොයින්ට් එකක් ගහන ගමන් අහස දිහා බලාගෙන, බැහැගෙන ගියපු ඉර, නැග...