Saturday, May 13, 2023

"මං දැන් එහෙම නෑ, මට හොඳයි!"

කියලා හිතුන වාර ගාන අනන්තයි

ඒත් එහෙම නෑ කියලා තේරෙන තේරෙන පාර

ලැජ්ජ නැතුව ආයේ ආයේ එහෙම හිතන එක තරම්

Self Deceiving Act එකක් මම දැකලම නෑ!

කවදාවත් මේකෙන් ගැලවෙන්නේ නැති වෙයි

කියලා තේරෙන තැන ඉඳගෙනත්

Hoping That You'd Get Better, Is So Fucked Up!

Friday, May 5, 2023

බුදු දහම

බුදු දහමේ උගන්වලා තීන්නේ,
හිතට එකඟව ක්‍රියා කරන්න කියලා නෙමෙයි, (එහෙමයිනේ දැන් ඉන්න සෙට් එක කියන්නේ; මනුස්සකම තේරුම් අරගෙන හ්‍යුමේන් විදිහට හිටියම ඇති,
බුදු දහම කියල වෙනම මගුලක් ඕන නෑ,
ආගම් ඔක්කොගෙම කියන්නේ එකම ලබ්බ,
ඒකෙන් මිනිස්සුන්ව හූරගෙන කන එක කරන්නේ කියලා! 😅
ඔහොම කියන එක්කෙනෙක්වත් බුදු දහම කියන එක වෙනම ස්ටඩී නොකර,
පොඩි කාලේ ඉඳලා බුදු දහම කියන්නේ මේකයි කියලා සමාජෙන් ඔලුවට දීපු ඉමේජ් එකෙනුයි,
තමන් දැකලා තියෙන,
"බහුතරයක් නමට බෞද්ධයෝ"
කරන දේවල් වලින් තමන් බුදු දහම තේරුම් අරගෙන ඉන්නේ කියලා හිතාගෙන, තමන් බුදු දහම ගැන දැනගෙන කතා කරන්නෙ කියලා හිතන් ඉන්නවා!
මේ තියෙන සිස්ටම් එකේ හොඳට ඉගෙන ගත්ත පොරක් නම් ඒක වැඩියි,
උගේ හිතට මේක තේරුම් කරලා දෙන එක ඕල්මෝස්ට් ඉම්පොසිබල් සීන් එකක් ඉතින්! 😅)

මෙහෙම සීන් එකක් තියෙනවා!
ලෝක ධර්මතාවන් කියලා ටිකක් තියෙනවා,
මේ විශ්වය වැඩ කරන්නේ ඒවට අනුව කියලා හිතමුකෝ, සයන්ස් වලිනුත් ට්‍රයි කරන්නේ ඔය ටික තේරුම් ගන්න හදන එකනේ!
ඒ ධර්මතා ටික අපි කැමති උනත් නැතත් ඒ විදිහට වෙනවා! ඒක ඉතින් වෙනවා!
ඇයි එහෙම වෙන්නේ කියලා හොයනවා නම් එකින් එක, එකින් එක ජීවිත කාලෙම හොයන්න පුලුවන් උත්තරයක් හම්බ නොවී, හරියට සයන්ස් වගේ! ඒකෙන් ප්‍රයෝජන තියෙනවා, මම මේක ටයිප් කරන්නෙත් සයන්ස් නිසා! ඒත් කවදාවත් ඉවරයක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි!

ගින්නට අත දැම්මම පිච්චෙනවා, ඉතින් ඒක එහෙම වෙන්නේ ඇයි, කියලා හොයන එකට වඩා, ඒකට අත නොදා හිටියම ඉවරයිනේ!
ගින්නට අත දැම්මම පිච්චෙන එක ඒකේ ස්වභාවේ! ඉතින් ඒක ඔයා අත පුච්ච ගන්න කලින් සය්න්ටිස්ට් කෙනෙක් වෙන වැඩිහිටි පොරක් පොඩි කාලෙදිම කියලා දෙනව එහෙම අත දාන්න එපා කියලා! ගින්දරට නේකඩ් ස්කින් එක දාන්නේ නැතුව පරිස්සමින් ඉන්න විදිහ එයා කියලා දෙනවා!
එහෙම එයා කියලා දුන්නම,
අපි එයාට බනිනවද, "එයාගේ මාර කතා තියෙන්නේ, එහෙම කොහොමද!?" කියලා?
ගින්න ලෝකේ පවතින දෙයක්,
ඒක ඒ සයන්ටිස්ට් කාරයා ඉන්වෙන්ට් කරපු දෙයක් නෙමෙයි,
ඒකට අත දැම්මම පිච්චෙනවා කියන එකත් එයා හදපු දෙයක් නෙමෙයි,
පොරට බැනලා වැඩක් නෑ, පොර කියපු විදිහට හිටියම අත පිච්චෙන්නේ නෑ,
ඕන නම් එහෙම කොහොමද ඌ අපිට නීති දාන්නේ කියලා අපිට අත පුච්ච ගන්නත් පුලුවන්,
ඒක ඌට නම් අදාලම නෑ!
ඌ උගේ පාට් එක කරලා ඉවරයි!
පොර ඒ අත පිච්චෙනවා කියන ඉන්සිඩන්ට් එකේ ගැඹුරටම දන්නවා,
දහනය වෙනවා කියන එක, ෆ්‍යුල්, ඔක්සිජන්, හීට් එක සෙට් එනාම ඉර'ව'සිබල් විදිහට ඇටම්ස් රීඇරේන්ජ් වෙන කතා!
ඒත් මොන්ටිසෝරි එකෙක්ට ඒක කියලා දෙන්න යද්දිත් ඌට ඒක තෙරෙන්න තියා ඌ ඒක පොඩ්ඩක් හිතලවත් නොබලා අරූට බනිනවා නම්, ඒ යකා මොනවා කරන්නද පොඩි එකා පුච්ච ගත්තත්!
ඒ අස්සේ තව සමහර උන් ඉන්නවා ඌ සයන්ටිස්ට් කාරයටත් බැනලා, ඒක අහලා පුච්ච ගන්නේ නැතුව ඉන්න උන්ටත් හිනා වෙලා පුච්ච ගන්නවා! ලොල් 😂

හය වසරේ පණ්ඩිතයෙක් ඉන්නවා, ඌ හෙනම බ්‍රයිටා, හත වසරේ ගනනුත් හදනවා හරියට!
එතකොට පොරගේ ඔලුවේ තියෙන්නේ පොර එයාගේ පියර්ස්ලා එක්ක බැලුවම හෙනම ඩයල් එකක්, එයාට නොතේරෙන දේවල් තියෙන්න බෑ කියලා!
ඉතින් ඔන්න ඩොක්ටරේට් ලෙවල් එකේ තියෙනවා තියෙනවා ගානක් හරි තියරි එකක් හරි, පොර හය වසරෙදි ඉගෙන ගන්න ඒවට කන්ට්‍රරි යන දෙයක්! එහෙම නැත්තන් අලුත්ම දෙයක්, එයාට තේරෙන්නෙවත් නැති කන්සෙප්ට් එකක් මැත්ස් වල!
ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ඩොක්ටරේට්ස් ගානක් තියෙන හෙනම මීටරයක්!
හය වසරේ එකා යනවා ප්‍රොෆාට උගන්නන්න මේක වෙන්නේ කොහොමද එහෙම වෙන්න බෑ කියලා!
ප්‍රොෆෙසර් පොඩි එකාට කියනවා, "පුතේ, ඕක එක පාර කොහොමත් තේරුම් ගන්න බෑ, ඕලෙවල් පාස් කරලා, ඒලෙවල් කරලා, බී එස් සී එකක් කරද්දි පොඩ්ඩක් තේරෙන්න ගනියි,
ඊට පස්සේ MSc එකක් කරලා, පී එච් ඩී ලෙවල් එකේදි තමයි ඔයාට ඕක හරියට තේරෙන්න ගන්නේ, ඒක නිසා ඉස්සෙල්ලම ඔය ටික පිලිවෙලට ඉගෙන ගෙන එන්න" කියලා!
පොර හරි ආදරෙන් කියන්නේ, මොකද පොරත් හය වසරේ හිටපු නිසා!
ඒත් හය වසරේ එකාට ඒවා වැඩක් නෑ, උගේ සමාජේ ඌ වැඩ්ඩා, ඌ හිතන් ඉන්නේ ඌට තෙරෙන්නම ඕන කියලා, ඌ තර්ක කරනවා පිස්සෙක් වගේ මේක මෙහෙම වෙන්න බෑමයි කියලා!
ඉතින් ප්‍රොෆා මොකද කරන්නේ!?
එක්කෝ පොඩි එකා එක දිගට අර ටික අවුරුද්දෙන් වගේ ගොඩ දාලා තේරුම් ගන්න ඕන, එක්කෝ ඉවසලා හෙමීට ගානට යන්න ඕන,
ඒත් ඌ තෝර ගන්නෙම ඒවා ස්ටඩි නොකර උගේ හය වසරේ දැනුමෙන්ම තර්ක කර කර තේරුම් ගන්න නම් ඌට ඒක කරන්න බෑනේ!
ඌ ඩොක්ටරේට් එකක් කරපු දවසට ඌට තේරෙයි ඌ කොච්චර මෝඩයෙක් විදිහටද දැඟලුවේ කියලා!
BSc එකක් කරද්දි වගේ හරි තේරෙයි!
සමහර විට ඌ තරම් බ්‍රයිට් නැති එකෙක් ප්‍රොෆෙසර් කියන එක අහලා හෙමීට ඉවසගෙන යන්න තියෙන පාරේ යනවා, සමහර විට අඩු අවුරුදු ගානකින්ම පොරට ඒක තේරෙන්න ගනියි,
ඌ තර්ක කරන ලෙවල් එකක් තිබ්බා, පිස්සෙක් වගේ තර්ක කලේ නෑ එවුනාට!
ඌට නොතේරෙන දෙයක් අර ප්‍රොෆාට තේරෙනවා ඇති, ඒක නිසා ප්‍රොෆා කිව්ව එක ට්‍රයි කරලා බලනවා කියලා හිතන්න තරම් ඌට මොළයක් තිබිලා ඌ ගිහින් ඒක ට්‍රයි කලාම ඌට ඒක තේරුම් ගන්න පුලුවන් දවසක් එනවා! එක්කෝ එහෙම කරන්න බැරුව, එහෙම නොකර තමන් දන්න හය වසරේ දැනුමෙන්,
පණ්ඩිත කතා වලින් ඩොක්ටරේට් ලෙවල් එකේ තියරි එක වැරදියි ක්‍යලා ඔප්පු කරන්න යන එකෙන් වෙන්නේ ඔය දේවල් ඉගෙන ගත්ත උන්ට
ඒ හය වසරේ පොඩි එකා ගැන අනුකම්පාවක් එන එක! අඩුම ගානේ හිනා වෙන්නවත් හිතෙන්නේ නෑ, පවු කියලා හිතෙනවා විතරයි!
ඔය අස්සේ හය වසරෙ, ඊට පහලින් ග්‍රේඩ්ස් වල එහෙම ඉන්න, ඌට තරම් මොළයක් නැති යාලුවෝ සෙට් එකත් ඌව අදහගෙනනේ ඉන්නේ, උන් ටිකත් අර ප්‍රොෆාට හිනා වෙනවා, යකෝ පී එච් ඩී තියෙන්නේ එවුනාට කියන ගොං කතා කියලා! උන්ට් උන්ගේ 6 සිලබස් එකවත් බැරුව! ආතල් ඉතින්!

ආයේ අහන්නේ බුදු හාමුදුරුවෝ ඔක්කොම දන්නව නම් ඇයි මේ කාලේ මොබයිල් ෆෝන්ස් තියෙනවද, කඩ්ඩෙන් කියන්න බැරි උනේ ඇයි එහෙම කියලා!
බුදු කෙනෙක් තෝර ගන්නේ කොහොමත් මැරෙන්න යන භාෂාවක්, එහෙම එකක් තෝර ගන්නේ එතකොට ඒ කියපු වචන ඉස්සරහට වෙනස් නොවන නිසා! ඕන උන් ඒක ඉගෙන ගෙන ගොඩ යනවා! භාෂාවක වචන වලට දැන් තියෙන තේරුම නෙමෙයි තව අවුරුදු 100කින් තියෙන්නේ!
කෝම හරි බුදු කෙනෙක් එන්නේ මේකෙන් ගැලවිලා යන එක ගැන උගන්නන්න! මේ ඖරුදු සීයෙන් සීයට වෙනස් වෙන ඒවා ගැන පේන කියන එක නෙමෙයි බුදු හාමුදුරුවෝ කියලා දුන්නේ, ඉස්සරහට වෙන ඒවා ගැන ජ'නල් එකක් ලියන්න නෙමෙයි! මේකෙන් ගැලවෙන හැටි ගැන කියලා දෙන්නයි බුදු හාමුදුරුවෝ නමක් පහල වෙන්නේ! ඉතින් ඒක කියලා දුන්නට පස්සේ, අරවා ගැන කියලා නැත්තේ ඇයි, මේවා ගැන කියලා නැත්තේ ඇයි කියලා අහන්නේ ඇයි! ඒක හරිම මෝඩයිනේ, මිනිස්සු එයාලා නොදැනුවත්වම කොච්චර eccentricද කියලා හිතෙනවා ඒකෙන්ම! ඔයා හිතන්නේ ඔයාගේ කාලේ ඒවා කියන්න තිබ්බා කියලා, අවුරුදු 100කට කලින් ඒවා කියලා තිබ්බා නම් ඔයා දැන් කියන්නේ ලොවෙත් එහෙම කිව්වා කියලා පස්සේ හිටපු උන් තමයි ලියලා තියෙන්නේ බොරුවට බුදු හාමුදුරුවෝ කිව්වා කියලා(හරියට දැන් ත්‍රිපිටකයට කියනවා වගේ 😂), ඉස්සරහට වෙන ඒවා ලියලා තිබ්බා නම් ඒවා වෙනකන් ශුවර් නෑ, එහෙම නම් හරියටම ඔයාගේ ටයිම් ලයින් එකේ ඒවා කියලා තියන්න එපැයි, මිනිස්සු මැරෙන විදිහට, එයාලා බුදු දහම කියන එක දැනගන්න දවස් එක්ක බැලුවම, ඔය විදිහට ගත්තම අවුරුද්දෙන් අවුරුද්ද, මාසෙන් මාසේ වෙන දේවල් කියන්න ඕන හැමෝටම පිලිගන්න නම්! මොන මගුලක්ද ඒ! 😂

කැම්පස් වල ඉන්න උන් ඕලෙවල් පොඩි උන්ට ට්‍යුෂන් කරනවා, එහෙම පොරක් ගිහින් උගන්නන පොඩි එකාට ඌ ඌට තියෙන, ඌට තේරෙන, ඌ ඉගෙන ගෙන තියෙන ඔක්කොම සබ්ජෙක්ට්ස් උගන්නන්න යන්නේ නෑ, උගේ එකම උවමනාව ඒ පොඩි එකාට ඕලෙවල් වලට අදාල මැත්ස් ටික ගොඩ දාලා එන එක විතරයි(ඒ අස්සේ පාඩම් කරන විදිහ, හොඳට ජීවත් වෙන විදිහ කියලා දෙනවා, ඒත් මේන් ෆෝකස් එක හොඳට ජීවත් වෙන විදිහ ගැන කියලා දෙන එක නෙමෙයි, ඕලෙවල් මැතට ඩිස්ටින්ක්ෂන් එකක් ගන්න එක)! සමහර තැන් වලදි පොඩි එකා ඇහුවොත් විතරක් පොර ඌට සබ්ජෙක්ට් එකෙන් පිට දේවල් ටිකක් ගැන නිකන් කතා කරයි රෆ් අයිඩියා එකක් දෙන්න, ඒත් ඒකේ සමහර තැන් තේරෙන්නේ නැත්තන් පොඩි එකාට, අර මැත්ස් ටික පැත්තකට දාලා පොඩි එකාට කීයටවත් ඒ ඕලෙවල් දැනුමෙන් තේරුම් ගන්න බැරි සංකල්ප ටිකක් ඌගේ ඔලුවට කවන්න හදන්නේ නෑනේ ට්‍යුෂන් පොර, එහෙම තැනකට ආවම පොර, පොඩි එකාට කියනවා ඒ වගේ ඒවට මම උත්තර දෙන්නේ නෑ ඔයාට, ඒවා තේරුම් ගන්න ඕන නම් මේ එක්සෑම් එක පාස් වෙලා ඉන්න කියලා!!!
ඉතින් කෝම හරි, පොඩි එකා එතනදි හිතුවොත් සර්ට පුලුවන් මැත්ස් විතරයි කියලා, ඌ එහෙම හිතන එක උන් දෙන්නට විතරක් නෙමෙයි, මේ ලෝකේ මොකෙක්ටවත් අදාලම නැති දෙයක්!

තව දෙයක් තියෙනවා, පරමාර්ථ කියලා දෙයක් තියෙනවා! ඒවගේ ඊට වඩා අර්ථ දක්වන්න දෙයක් නෑ, ඒවා බලන කෙනා අනුව වෙනස් වෙන්නේ නෑ, ඒ කියන්නේ රිලටිව් නෑ! ඇබ්සලූට් දේවල්! ඉතින් නිවන් අවබෝධ කරගනිද්දි ඔන්න ඔය ටික අවබෝධ වෙනවා, ලෝකේ දකින්නේ පරමාර්ථ විදිහට! එතකොට අපි මේ ජීවත් වෙන්නේ, එක්ස්පීරියන්ස් කරන්නේ සම්මුති ලෝකය! ඒකේ තියෙන්නේ අපිම හදා ගත්ත නම්, අර්ථ දැක්වීම් අපේ සෙන්සස් වලට තේරෙන විදිහට! පුටුව කියන එක, ග්‍රහලෝක කියන එක! ඒක හෙනම අවුල්, මොකද අපේ භාෂාවෙන් කියන වචන වෙන භාෂාවකින් වෙනස්! එතකොට වෙන එකෙක්ට ඒක කියන්න අපිට ට්‍රාන්ස්ලේට් කරන්න වෙනවා! නැත්තන් ඌට ඒක නිකන්ම සද්දයක් විතරයි! එවුනාට ඔය ඔක්කොම මිනිස්සු තමන්ට තේරෙන විදිහට ඇහෙන පේන ලෝකේ එක්ක දා ගත්ත දේවල්, කන්සෙප්ට්ස් උනත් එහෙමයි! එතකොට අපිට එතනින් එහා දෙයක් ගැන අහන්න ලැබුනම ඒක තේරුම් ගන්න තියා හිතන්නවත් පට්ටම අමාරුයි! ඉතින් පරමාර්ථ ලෝකේ අපි දන්න විදිහට තියෙන ඒවා නෑ! එතන වැඩ කරන්නේ වෙනම විදිහකට! එතකොට ඒවා මේ සම්මුති ලෝකේ ඉන්න අපිට ඉගෙන ගන්න යද්දි පට්ට අමාරුයි, අපි ජීවත කාලෙම දැනගෙන හිටපු දේවල් එතනදි වෙනස් වෙන තැන් එනවා! ඒවා කියලා දෙන කෙනාට ඒවා අපිට කියලා දෙන්න වෙන්නේ සම්මුතියේ පවතින වචන වලින්! අපි කවදාවත් එක්ස්පීරියන්ස් කරලා නැති එයා විතරක් එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක් ගැන! එතකොට එයා කියන එක වචනයක් අපිට තනිකරම වෙනස් විදිහට ගන්න පුලුවන්, එයා කියන්න හදන්නේ එක දෙයක්, අපි ගන්නේ වෙනම දෙයක්! ඉතින් ඒකයි බුදු කෙනෙක්ම ඕන ඔය ටික හරියටම ගලපලා කියන්න!

මම බුදු දහමේ ඉගෙන ගෙන තියෙන්නේ ගනන් ගන්නවත් බැරි පොඩ්ඩක්, ප්‍රැක්ටිස් කරලා නැති තරම්! ඒ චුට්ටෙදිත් තේරෙනවා නිවන් අවබෝධ වෙනවා කියන එක ඩොක්ටරේට් එකක් නම්,
අපි තාම ඉපදුන ගමන් ඉන්න පොඩි පගෙක්ගේ ලෙවල් එකේ ඉන්නේ කියලා!
ඉතින් බුදු දහම ගැන පොඩ්ඩක්වත් හොයලා බලලා නැති,
අභිධර්මය කියලා දෙයක් නොදන්න, පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද,
චතුරාර්‍ය සත්‍යය කියන්නේ;
දුකයි, දුකට හේතුවයි, දුක නැතිකිරීමයි, ඒකේ මාර්ගයයි කියලා වචන ටික විතරක් දන්න,
ඔක්කොම වෙන්නේ කර්මයෙන් කියලා හිතාගෙන ඉන්න,
ත්‍රිපිටකය ගැන මුකුත්ම නොදන්න,
ඒකත් වෙන ආගමක පොතක සයිස් එකක් වගේ පොතක් කියලා හිතාගෙන ඉන්න,
සයන්ස් වෙනස් වෙද්දි බයිබල් එක වෙනස් කලා වගේ මේ අවුරුදු 2000+ ගානෙදි ඒකත් වෙනස් උන "පොතක්" කියලා හිතාගෙන තර්ක කරන,
පොඩි කාලේ ඉඳලා තමන් අහලා, දැකලා තියෙන දෙයින් විතරක් බුදු දහම ගැන හිතාගෙන ඉන්න බුවෙක් ඕක තේරුම් ගන්නේ කොහොමද!?
දේවල් තේරෙන්න තේරෙන්න තමන්ටම තේරෙනවා, අම්මට සිරි,
බුදු හාමුදුරුවෝ කියලා තියෙන දේවල්!!!
මෙච්චර දේවල් කියලා තියෙන්න කොහොම මීටරයක් තියෙන්න ඕනද,
අපි මුකුත් නොදී අපිට මෙච්චර දෙයක් කියලා දෙන්න තරම් කරුණාවක් ඇයි කියලා හිතෙන්න ගන්නවා!

ඔක්කොම ආගම් එකයි, අපිට මනුස්ස කම තියෙනවා නම්,
තව මිනිහෙක්ගේ දුක තේරුම් ගන්න පුලුවන්නම්, වෙන කෙනෙක්ට නොරිද්දා, තමන් හරියට ජීවත් වෙනවා නම්
එතනින් එහාට ඔය මොන ලබ්බක්වත් වැඩක් නෑනේ කියන තැන වෙනස් වෙනවා!!!
මනුස්ස කමේ සමහර තැන් වල තියෙන අඩුපාඩු මොනවද,
මනුස්සකමේ ගොඩක් පැති බුදු දහමේ සබ්සෙට් එකක් කියන එක තේරෙනවා!

බුදු දහම ආගම් එක්ක සසඳන්න බෑ කියන එක තේරෙනවා!

ඒක මේ සංසාරය, යුනිව'ස් එක කියන දෙයින් ගැලවෙන්න තියෙන පාත් එක කියලා දෙන ගයිඩ් එකක් කියලා තේරෙනවා!

අනිත් මිනිස්සු එක්ක, දේවල් එක්ක ගැටෙන එක,
උන් දාන දෙන ඒවා,
මැටි පිලිම වලට ආහාර දන් දෙන ඒවා එක්ක ගැටෙන එක,
තමන් තමන් එක්ක ගැටෙන එක
මෝඩ කමක් කියලා තේරෙනවා!

ඇයි සංසාරෙන් අයින් වෙන්න ඕන කියන එක තේරෙන්න ගන්නවා,

මොකටද නිවන් දකින්නේ, එතකොට දුක නෙමෙයි, ආතල් එකත් නැති වෙලා යනවනේ, මුකුත් නැතුව ඉන්න තැනකට යන්නේ ඇයි එච්චර කට්ටක් කාලා කියලා අපි දැන් අහන ලොකු, තාර්කික ප්‍රශ්නේ කොච්චර බොළඳයිද කියලා තේරෙන්න ගන්නවා!

ඇයි මෙච්චර බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ? එයත් තවත් මනුස්සයෙක් විතරයිනේ කියන එකට උත්තර හම්බ වෙනවා!

බුදු දහමට, තෙරුවන්ට ගරු කරන අයව පහලට දාලා තමන් පට්ට තාර්කිකයි, අරුන් හෙන මෝඩයි කියලා හිතෙන එක ගැන ලැජ්ජ හිතෙනවා,

අම්මා තාත්තා බුද්ධාගම, මමත් බෞද්ධයෙක්, මම ඔය ඔක්කොම දැකලා තියෙනවා, හාමුදුරුවෝ හොරෙන් කරන දේවල් මම දැකලා අහලා තියෙනවා,
මට ඩිග්‍රී එකක් තියෙනවා, මට මොළේ තියෙනවා, මට තේරෙනවා නම් මේක වෙන්න බැරි බොරු දෙයක් කියලා ඒක ලොවෙත් වෙන්න බෑ, බුදු හාමුදුරුවන්ට පවර්ස් තිබ්බ ඒවා නාකි උපාසිකාවන්ව අන්දන්න, ගෞරවේ වැඩි කරන්න ලියපුවා එයාලට තේරෙන්න ලියපු ෆික්ෂන් එකක් කියලා හිතන එක වෙනස් වෙනවා! අභිධර්මය ඉගෙන ගත්තොත් ලොවෙත් තේරෙනවා තමනුත් මෙච්චර කල් නමට බෞද්ධයෙක් විතරයි වෙලා ඉඳලා තියෙන්නේ, අර පිලිම වඳින අයට හිනා උනාටත් වඩා චාර්ටර් තැනකයි ඉඳලා තියෙන්නේ කියලා!

එතනින් එහාට ගොඩක් ප්‍රශ්න විසඳෙනවා!

ඒකට බැහැලා ඉගෙන ගන්නේ නැතුව,
එලියෙන් බලද්දි හිතෙනවා
ඉතින් ඔය සරලවම කියන්නේ බ්‍රේන්වොෂ් කරනව කියන එකනේ කියලා!
එහෙම හිතෙනව නම් ඒකටත් හේතු තියෙනවා ඇයි එහෙම හිතෙන්නේ කියලා! ඒවා ඉගෙන ගන්නකොට තේරෙනවා!
මම නම් කියන්නේ එහෙම හිතුනත් බ්‍රේන්වොෂ් කරගන්න කියලා පුලුවන් ඉක්මනට!
අප්පමාදෝ අමතපදං!

අනික ඔයාලා ඔය කියන තරම් තාර්කික,
හැම දේම තේරෙන මිනිස්සු නම්,
ඔයා බ්‍රේන්වොෂ් වෙන්න විදිහක් නෑනේ
ඔය පොත් ටිකක් කියෙව්වා,
ඒවගේ එන ප්‍රශ්න
ඒවා ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහලා විසඳ ගත්තා කියලා! 😉

බුදු දහමේ උගන්නලා තීන්නේ හිත,
මේ යුනිව'ස් එක කියන දේවල් පවත්වගෙන යන ධර්මතාවන් ටික එහෙමයි කියලා අවබෝධ කරගෙන එතනින් එතෙර වෙන විදිහ!

නිකන් හිතන්න,

ඔයාගෙ හිත ඔයාගෙම නම්,
ඔයා ඔයාම නම්,
ඔයාට දුක/ තරහා/ ආස හිතෙන වෙලේට
ඩෝං ගාලා ඒවා නවත්තගන්න පුලුවන් වෙන්න එපැයි,
හරි නම් නවත්ත ගන්නත් කලින් ඒවා එන්නේ නැතුව තියාගන්න පුලුවන් වෙන්න එපැයි!
තමන්ගේ තියෙන වත්කමෙන් එහා දේවල් දැක්කම ආස හිතෙන එක හිතෙන්නේ නැති කරවගන්න පුලුවන් වෙන්න ඕන! එතකොට දුක නෑ,
තරහා එන එක එන්න කලින්ම නැති කරගන්න පුලුවන් වෙන්න ඕන!
එවුනාට ඌ එහෙම නෑ,
හිත කියන පොර වෙනම ධර්මතා ටිකක් ෆලෝව් කරගෙන යන කෙනෙක් අපි ඒ අපිමයි කියලා හිතාගෙන හිටියට!
ඌට ආස දේවල් වලට ඌ ආස වෙනවා,
ඒක ගන්නකන් අපිව මහන්සි කරවනවා,
නැති උනාම දුක හිතවනවා!
ඒවා නිකන්ම හිතෙන්නේ!
අපිට ඕනවට නෙමෙයි!
කැම්‍රි විඤ්ඤාණය කියන්නේ ඕකට!
ඕකේ ඇනටොමි එක අභිධර්මයේ පට්ට ලස්සනට කෑලි කඩලා කියලා දෙනවා, ඒවා තේරෙන්න ගනිද්දි අපිට අපි ඉන්න තැන තේරෙනවා ලැජ්ජ හිට්ගෙන තැනටම!
ඒක තේරුම් ගන්න ටිකක් හොඳට හිතලා බලන්න ඕන, හිත ගැන පොඩ්ඩක් තමන් තනියෙම ඇනලයිස් කරලා,
තනියෙම ඒ දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න!
ඒක පට්ටම ඉන්ටරෙස්ටින්ග්, ගැඹුරු දෙයක් හිතද්දි!

එතකොට තේරෙන්න ගන්නවා හිත කියන එක අපේ කියලා කන්ට්‍රෝල් එකක් නැති
වෙනමම යන ප්‍රොසෙස් එකක් කියලා!
අපේ ජීවිත කාලෙම අපි කරන එකම දේ,
හිතට ඕන දේවල් ඌට ෆීඩ් කරන එක නෙමෙයිද?
එයාට ආසයි කියලා හිතෙන ඒවා කර කර,
එයාට තරහා ගියාම අපිත් කේන්ති අරගෙන
එයාට දුක හිතුනම අපිත් දුක හිතන එක නෙමෙයිද!!!??

හිත ඔයාගේ නෙමෙයි,
ඔයත් ඔයාගේ නෙමෙයි,
ඔයා කියලා කෙනෙක් ඉන්නවද කියන තැනටම යනවා 😉

ඔන්න ඔය ටික තේරෙන්න ප්‍රඥාව කියන එක තියෙන්න ඕන! ගොඩක් අය හිතාගෙන ඉන්නේ ප්‍රඥාව කියන්නේ මීටරේ/ iq එක කියලා! එහෙම නෑ, පට්ටටම ඉගෙන ගන්න, මීටරේ තියෙන උන් ඉන්නවා මේවට arse එකෙන් හිනා වෙන!

එක එක සත්තුන්ට ලෝකේ එකම ඔබ්ජෙක්ට් එකක් පේන්නේ වෙනස් විදිහට, ශේප් එක, පාට, ගඳ සුවඳ...
එතකොට ඒක ඇත්තටම තියෙන විදිහට පේන්නේ කාටද?
මිනිස්සු හිතන් ඉන්නවා මිනිස්සුන්ට කියලා!
ඒත් එහෙම කියන්න පුලුවන්ද සිරාවටම!?
අපි ඒවා අපිට පේන, දැනෙන විදිහෙන් වෙනස් කරගෙන ප්‍රයෝජන ගන්නවා,
ඒත් එලියේ තියෙන ඇත්‍ත දේ අපිට කවදාවත් හරියටම ඇත්තම විදිහට එක්ස්පීරියන්ස් කරගන්න විදිහක් නෑ!
අන්වීක්ෂෙකින් බැලුවත්, ටෙලෙස්කෝප් එකකින් බැලුවත්, මොකක් හරි සෙන්සර් එකකින් ගත්තත් ඒ එක්කොම අපිට  එන්නේ අපේ මේ තියෙන සෙන්සස් හයෙන් ඇතුලට!
ඒ සෙන්සස් හයෙනුත් ගන්නේ එයාලට අදාල දේවල් වලින් පොඩී රේන්ජ් එකක් විතරයි,
සයන්ස් වලින් ඒක තව අඩු වැඩි කරගන්න පුලුවන්, අපිට සෙන්ස් නොවෙන සමහරක් දේවල් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්!
ඒත් එහෙම බැරි දේවලුත් ගොඩාක් තියෙනවා!
ඒත් අපි ඒවා සයන්ස් වලින් පුලුවන් වෙනකන් පිලිගන්නේ නෑ!
මිනිස්සුන්ගෙනුත් හැමෝටම එකම දේ එකම විදිහට පේන්නෙත් නෑ! පෙනුනත් ඒවා ගන්නේ තමන් ලබපු අත්දැකීම් වලට සාපේක්ෂව!
මිනිස්සුන්ගේ ආසාවල්, චොයිසස් වෙනස් වෙන්නේ ඒකයි!
තමන්ගේ ළඟ නෑයෙක් මැරුනම දුකට වඩා, අඳුරන්නේ නැති කෙනෙක් මැරුනම දුක අඩුයි, ඒත් මැරුන කෙනා එක්කෙනාමයි!
A කියලා මනුස්සයෙක් ඉන්නවා, පොර මැරෙනවා! ඒත් එයාගේ ළමයට දැනෙන දුක වැඩියි! අඳුරන්නේ නැති කෙනෙක්ට ලොකු දුකක් නෑ එයා මැරුන එක ගැන! ඒත් මැරුනේ එකම A කියන මනුස්සයා!
එයා මේ ලෝකෙටම හිටපු එකම A නම්, පොර මැරුණම හැමෝටම එකම දුක එන්න ඕන!
ඒත් එයාව අපේ ලෝකෙට අපි ගත්ත විදිහ එක්ක අපිට එන දුක වෙනස් වෙනවා!
එතකොට මේ ලෝකේ ඇත්තටම අපි දකින්නේ අපේ ඇතුලමයි!
අපි හිතුවට අපි ගනුදෙනු කරන්නේ එලියේ ලෝකේ එක්ක කියලා, අපි ගනුදෙනු කරන්නේ අපේම ලෝක එක්කයි!
අපේම හිත එක්කයි! ඒකයි වෙන කෙනෙක්ට වයිර කලත් ඒක අපිටම අෆෙක්ට් වෙන්නේ!
ඉතින් සයන්ස් වල කරන්නෙම එලියේ තියෙන ලෝකයක් ගැන ඉගෙන ගන්න හදන එක,
ඒත් ඒ ලෝකේ කොහොම බැලුවත් අපිට ගන්න වෙන්නේ මේ සෙන්සස් හයෙන් ඇතුලටමයි!
එතනින්ම සයන්ස් කියන දේ ෆක් කර ගන්නවා!
ඒ අප්‍රෝච් එක අවුල් ඉතින්!
ඉතින් අපි කරන්න ඕන ඒ සෙන්සස් හයට ඇතුලෙන් මේ දේවල් තේරුම් ගන්න ට්‍රයි කරන එක! භාවනාවෙන් කරන්නේ ඒක!
භාවනාව හරියට කරන්න අඩි පාර බුදු දහමේ කියලා දෙනවා!
ආමිසේ ඉඳලා ඒක පුරුදු කරනවා!
ඉතින් ඒවා හරියට තේරුම් අරගෙන කලාම මේක ලේසි වෙනවා!

මේක කියවන්නේ දෙතුන් දෙනයි, ඒ දෙතුන් දෙනාගෙනුත් හෙන තර්ක දාගෙන මේක අවුල් කියලා ක්‍යන කෙනෙක් මොනව හරි කිව්වොත්, සොරි!
මේක ලිව්වෙත් අමාරුවෙන්, අර මම කලින් කිව්වා වගේ ඔයා ගැන හිනා යන්නෙත් නෑ, දුකයි!
ඔයාටත් ඔයා ඉන්න මානසික තත්වෙත් එක්ක මං ගැන දුකක් එයි, හිනා යයි මූ නම් පවු මාර පිස්සෙක් කියලා!
ඒත් බං
පිස්සව උඹට පිස්සෙක්,
පිස්සට උඹව පිස්සෙක්!
ඒක මෙතන්ට ගැලපෙනවද කියලා තේරෙන්නෙ නෑ 😅😂
Anyways, පොඩි හරි ලක් එකක් තියෙන එකෙක් මේකෙන් ගන්න තියෙන දෙයක් අරගෙන බුදු දහම ස්ටඩි කරලා, මේකෙන් ගොඩ යන්න පාර හදාගනියි කියලා හිතලා දැම්මේ!

බුදු දහම ගැන ඕපදූප ප්‍රශ්න තියෙන අයට
1. https://pitaka.lk/books/dharma-winishchaya/

2.https://pitaka.lk/books/bauddhayage-athpotha/

අභිධර්මය ඉගෙන ගන්න ආස අයට
3.https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/

4.https://pitaka.lk/books/abhidharma-margaya/

චතුරාර්‍ය සත්‍යය
5.https://pitaka.lk/books/chathurarya-sathya/

පටිච්චසමුප්පාදය
6.https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/

භාවනා කරන්න ට්‍රයි කරන්න ආස අයට
7.https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/

හිත ගැන
8.https://pitaka.lk/books/wanchaka-dharma/

සිවුර එක්ක ඇරිය'ස් තියෙන අයට, සිවුරට තියෙන නීති ටික
9.https://pitaka.lk/books/shasanavatharanaya/

Friday, March 3, 2023

,Ever Since We Were Little

I Got This Feeling Like

Like I'm Floating Outta My Body

;Looking Down On Myself

I Hate What I See

&

,How I'm Acting

The Way I Sound

I'm So Scared That

 🥺That Feeling Is Never Gonna Go Away


~Hailee

Sunday, January 29, 2023

අඬනකොට ඔලුව තියාගන්න

උරහිසක් නැති උනාම

මිනිස්සු වැටෙනවා

ඔළුව වදිනවා

ඔලුව පැලෙනවා

ලේ ගලනවා

මැරෙනවා!!!

සෙට් එකක්ම ඉවර වුන

තවමත් අත රැඳුණු බියර් Can එකක්

ගුණේ අයියගේ බඩු වලින් ඔතපු Local Pure පාරක්

අක්බාර් පාලම උඩ තනියෙම

සීතලෙන් ගෙවෙන පට්ට කළුවර රැයක්

, "?!යාලුවෝ කොහේ ඇද්ද"

සිතමින් තනිවුන මතකයන් අතර

ඉඳහිටක මතක් වන එකම එක තරුවක්

හොයන කොට එතන කලු කුහරයක්

,Maybe It's just a ලොකුම ලොකු හිස් තැනක්

Cuz whenever i look at it

 !!!All i feel is a පට්ටම පට්ට Fucked up තනිකමක්

හමුවුණු අය එක්ක

ආ ගිය තැන්වල මතක එක්ක

මතක අමතක නොවුණු පාරවල් වල

හැමදාම පහු කරන් ගිය ගඟ ළඟ

නුඹේ ආදරය නමින් කියූ වචන

සිගරට් දුම එක්ක මුසුවී ගියා

හන්තානේ මීදුම තුලම!

ඈත හෙලක ඉර බැහැගෙන යනකොට

හන්තානේ දුහුල් මීදුම් මැදින්

මතු උනා හදවතට හුරු පුරුදු පරිසරය

ඒත් එක්කම හිත ගැස්සුණු පාරට

ගෝල්ඩ්ලීෆ් කොටෙත් ගිලිහී වැටුනා

කාළවර්ණිත දෙතොලතරින් බිමට

පිටාර ගැලුවා එසැනින්ම

මොහොතකට මැකී ගිය අඳුරු මතකය

පෙට්ටි කඩේ, නිරාෂා, ෆයර්ප්ලේට් එක

නිශ්මි එක පිටිපස්සේ තැන්නේ ලඳු කැලෑවේ

අක්බාර් පාලම උඩ හරි බරි ගැහුණා හදවත

යන්නත් කලින් එහි with the help of a පාරක් ගුණේ අයියගේ

Just to HarkBack කරන්න, A Fucked Up Life  AKA මගේ  ජීවිතේ

,සිතුවම් කරන්න, හන්තාන; Just Like the Pile of Shit ඒ මගේ  ජීවිතේ

ඉන්න මුලු රැයක්ම බලාන අහස දෙස; Fucked Up මේ හුදෙකලාවේ

වැහි බිංදු ඉහුණු අවන්හල් කවුළු මත

මධු මුසු පිළිබිඹු ඇඳුනු වීදුරු තුල

තානායමේ අඳුරුම මුල්ලක මේසයක් මත

තවමත් නුඹවම සොයන තනි වුනු මම!

Saturday, January 28, 2023

We Ain't Young No More

So Just Take My Wishes Away

Bury My Hopes & Dreams

!For No Longer I Need Them

!For No Longer I'm Able To Feed'em

You Make Me Feel Like

I'm High On Amphetamines

You Just Make Me Feel Like

Awakened From A Daydream

With You, I Feel Like

I've Been Dreaming, Many a Dreams

You've Stirred My Heart; There's a Storm Deep Inside

Yet You Calm Me Down; With Just One of Them Sweetest Sighs

I Think It Takes At Least 40-50Years, Just to Get Over

!The Things Your Parents Instilled In You & Their Influence Over You

,If Only We Lived Long Enough After They've Gone

Human Race Might Finally Have a Chance to Grow Up On Its Own

!!!With Innovative & Creative Ideas Made With Its Own Free Will & Evolve For Good

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...