Monday, October 9, 2023

Halcyon










360° View එකම හඳ එළියේ කිමිදුන,

කැස්බෑවොත් ඇවිත් යන පාලුම පාලු 

placid මූදු වෙරළක,

Trunk එක ගලවලා පැත්තකට විසි කරලා

මූදට පැනලා පාවි පාවි ඉඳලා

ඒ සීතලට lighthouse එකත් සිරස් වෙලා 

ඇති උනාම ගොඩට පීනගෙන ඇවිත් එතනම තියෙන ගල් තලාවේ

වාඩි වෙලා,

LED Torch එකෙන් Light Saber එකක් හදාගෙන,

ඒකෙන් වලාකුළු දෙබෑ කරන ගමන්,

HyperSpace එකට jumping පාරක් දාන්න තිබ්බා නම් කියලා නිදහසේ හිත හිත ඉද්දි,

අම්මට උඩු!

Jedi Master කෙනෙක්ගේ ඔලුවේ හැම වෙලේම ඇත්තෙත් මේ වගේම tranquil ගතියක් නේද කියලා පොඩි ට්‍රැකක් පැන්නා,

හොඳ වෙලාවට ඒ වෙලේම වලාකුළු අස්සෙන් ආපු හඳ එළියෙන් ආයෙමත් ඒ යුනිවර්ස් එකෙන් එලියට ඇවිත්, අතේ තියෙන්නේ ටෝච් එකක් කියලා මීටර් වෙලා ඒක නිවලා,

හඳ එළිය reflect වෙන huge ass මුහුද දිහා බලාගෙන,

අපි කොච්චර පොඩිද කියලා හිතන ගමන්,

හාන්සි වෙද්දි vertical උන

ක්‍ෂිතිජ රේඛාවට starboard පැත්තෙන් පිරුන වැහි වලාකුළු අස්සෙන්  පේන තරු ගණන් කර කර,

අර ලොකුයි කියලා හිතුන මුහුදටත් වඩා ලොකු අහස දිහා බලාගෙන,

මුහුදු හුළඟටූකාගන්න කියලා,

ගෝල්ඩ්ලීෆ් දුම් අහසට යවන ගමන්, දඩයක්කාරයගෙන් ජීවිතේ බේර ගන්න ට්‍රයි කරන හාවා අඳින්න ට්‍රයි කර කර ඉද්දි,

පොඩියට පටන් ගත්ත මනෝ පාරක අතරමංවෙලා

ඒක too fucking deep යනවා වගේ මීටර් උන නිසා එතනින් නැගිටලා

Hermit Crabsලගෙන් පිරුන වෙරළ තීරුවේ උන්වත් බේර බේර උඩ පැන පැන අඩිය තිය තිය,

එතනින් පස්සේ ඉවරයක් නැති වෙරළ දිගේ ඔහේ ඇවිදගෙන ගිහින්

දන්නෙම නැතුව හිටපු තැනටම ඇවිත් ගියපු,

මුහුදු හුළඟත් එක්ක හැමිණි හැමිණි සැරෙන් සැරේ එන පොද වැස්සට තෙමිලා මුලු ඇඟම chill වෙලා ගිය සිරාම සිරා රෑක,

ජීවිතේ අපි මොනවද මේ පස්ස පැත්ත ඉරාගෙන කරන්නේ,

පොඩි කාලේ පට්ටම සරලව තිබ්බ ජීවිතේ

මේ තරම් Fucked Up Complex ලෙවල් එකකට ආවේ කෝමද කියලා මතක් වෙලා,

"මේ මොන රෙද්දේ හැමිනේෂන් එකක්ද මේ!?" කියලා ඔළුව ගිනි අරගෙන එද්දිම, අත් දෙකෙන්ම ඔලුවත් බදාගෙන බි** හොලව හොලව හයියෙන් දුවගෙන ගිහින් ආයෙමත් මුහුදට පැනලා ඔලුව නිවාගත්ත රැයක්! 😂🖤💫


No comments:

Post a Comment

Campus එකම වහගත්ත හන්තානේ, කන්ද පාමුල, මහවැලියේ ඉවුරු යා කරපු අක්බාර් පාලම උඩ, ජොයින්ට් එකක් ගහන ගමන් අහස දිහා බලාගෙන, බැහැගෙන ගියපු ඉර, නැග...