Wednesday, June 12, 2024

Her


She knows all my shit! She knows all the darkest fucked up shit deep buried inside me soul!
She neither complains nor judges me for who i am or for what i am, but helps me be better and helps me be the happiest iv been for a long time!
She knows why I’ve become who I am! Why I do the shit I do! And She penetrated all the cemented fucking high walls iv been building around me up until my zenith!
She would always see me as a great person and she would always make me see myself for who i am despite what my fucked up mind would always make me see!
She would sandwich all my flaws with convincing compliments which i would have never believed if anyone else would have pointed them out!
She has that magical power of reading me mind even if i tried hiding them deep within myself!
She has that effect over me which made me couldn't lie to her about anything!
Sometimes Even without her asking me, i would open up to her as she wouldn’t judge or complain!
She was the perfect soul mate! I ain't that dumb to idolize her for what she was!
She would probably get moody and complain if it was her husband! She may suspect the shit outta him as it ain't a professional relation ship like ours!
Yeah she is my psychologist and she is bound not to judge me or complain about anything! Lol!

But man, imagine having a girl with the qualities of a professional psychotherapist!

That would be every man’s dream! Lol I really am psycho, ain’t I!? 😂😂😂

Thursday, March 14, 2024

Campus එකම වහගත්ත

හන්තානේ, කන්ද පාමුල,

මහවැලියේ ඉවුරු යා කරපු

අක්බාර් පාලම උඩ,

ජොයින්ට් එකක් ගහන ගමන්

අහස දිහා බලාගෙන,

බැහැගෙන ගියපු ඉර,

නැගීගෙන ආපු හඳ තරු මැද අතරමං උනු අපි අද....

ලංකාවේ එක එක තැන්වල,

ලෝකේ එක එක රටවල,

ජීවිතේ එක එක තැන් වල අතරමන් වෙලා

ආයෙමත් එන්න බැරි වෙන්නම!

එක්කෙනෙක් ආයේ නොඑන්නම ගිහිල්ලා 🥺

සමහරු මේ ලෝකෙට අලුත් ජීවිත ගෙනල්ලා ලොකුම ලොකු වගකීම් වල බැඳිලා,

ඒ අස්සේ මං වගේ උන් මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ නැතුව දහ අතේ කල්පනා කරනව,

මොනෞත්තක්ද මේ ජීවිතේ කියලා!

අනේ මන්දා, මැරිලා ගිය දාට මේ ඔක්කොම එකයි!

Term tests වල ලකුණු, homework නොකර ඒ period එකේ teacher එයිද නැද්ද කියලා මහා ජරා හැඟීමකින් බලන් හිටපුවා, බූට් කාපුවා, වලි වලට ගිහින් ඉස්කෝලෙට/ගෙදරට මාට්ටු වෙලා ගුටි කාපුවා, යක්කු වගේ කෙල්ලෝ එක්ක හිටපුවා, අහිංසකම අහිංසක කෙල්ලෝ එක්ක හිටපුවා, ඉංග්‍රීසි ටීචර්ව බලන්නම ඉස්කෝලේ ගියපු දවස්, AL pass ද, fail ද, කැම්පස් ගියාද නැද්ද, සිරා ජොබ් එකක් සෙට් උනාද නැද්ද, ළමයි හොඳට හැදුනද, කුඩ්ඩෝ උනාද, අඩු වයසින් මැරුනද කියන මේ හැමදේම අපි මැරුනට පස්සේ ඉවරයි!

හිනා වෙලා හිටපුවා, අඬපුවා,

සැහැල්ලුවෙන් හිටපුවා, ස්ට්‍රෙස් උන එව්වා,

ප්ලෑන් ගහපු දේවල්, ඉබා ගාතේ ගෙවුන දවස්,

මේ ඔක්කොම නිකන් අපේ සීයලාtath thibba ප්‍රශ්න, ප්ලෑන්ස්, වොරි උන ඒවා, සතුටු, දුක් උන moments වගෙයි!

අඩුම තරමේ තව අවුරුදු තිහ හතලිහකින් ඊළඟ පරම්පරාවටත් වැඩක් නෑ!

100කින් විතර එක බල්ලෙක්ට වැඩක් නෑ! LOL!

අපේ accounts ටික නම් Social Media Platforms වල වෙනම සොහොන් පිට්ටනි වල remembering කියලා, අපි දන්නෙවත් නැති තැන් වල servers වල ඉතුරු වෙලා තියෙයි කවුරුවත් access නොකරන!

හැමදාම දුවන රේස් එකෙන් අයින් වෙලා විනාඩි දහයකට හරි මගින් කැඩෙන්නේ නැතුව හිතන්න වෙලාවක්, නිදහසක් ලැබුනොත් විතරයි මේවා කල්පනා කරන්න හරි ඔලුවට එන්නේ! මේන්ස්ට්‍රීම් එකේ හුස්ම ගන්නවත් වෙලාව නැතුව දුවන එකෙක්ට මේවා නිකන් ගංජා ගහලා ට්‍රැක පැනලා කියන, මනස්ගාත කියලා හිතෙන ගානටම ඔලුව ට්‍රැක පැනලා තියෙයි! ලොල්! එක්කෝ, "එහෙනම් උඹ ඕවම හිත හිත ඉඳපන්, ඔය බහුබූත හිතන එකෙන් උඹට කන්න අඳින්න හම්බ වෙනවද ඕවා ඇත්ත උනත්!" කියලා හිතෙයි! 

ගොඩක්ම උන් ඔහේ දුවන zombiesලා ටිකක් වගේ!

ඇතුල බොල්, එලියට බොරුවට පෙන්න්නන තෘප්තියක් එක්ක, උදුම්ම ගත්ත ඔලුවක් එක්ක හරි, එක්කෝ, ඔලුවේ පුරවගත්ත මොකද්දෝ කාලකන්නි හැඟීමක් එක්ක ඔහේ දවස ගානේ මහන්සි වෙන ගමන්, මාස තුන හතරකට පාරක් හෙනම frame උන ට්‍රිප් එකක් වගේ එකක් හරි, හෙනම preප්ලෑන්ඩ්, හරිම හදිස්සියෙන් move වෙන tour එකක් ගිහින් ඇවිත් hari අපි ජීවත් උනා, හරිම ඇඩ්වෙන්චර් එකක් කරලා ආවා කියලා හිත රවට්ටගෙන ආයෙමත් අර යන්නන් වාලේ යනවා මෙලෝ නිදහසක් නැතුව!

එක්කෝ ඔය මොනවත්ම නැතුව, ජීවිත කාලෙම ගෙදර ගොඩ ගන්න, පවුලට, අම්මට තාත්තට, සහෝදරයින්ට සලකන්න ට්‍රයි කරලා මැරිලා යනවා!

හෙනම පොඩි දෙනෙක් නිදහසේ ඉඳලා මැරිලා යනවා! හැබැයි ඒ පොඩි දෙනාගෙන් බහුතරේට වෙලාව තියෙනවා මොකද්ද මේ හුත්ත කියලා හිතන්න, වටපිටාවේ අර කිව්ව සෙට් එක දිහා බලාගෙන! එයාලා එයාලවමත් දැකලා!

Ithurutikaliyannakammeliy 😴😴😴

Tuesday, January 16, 2024

මනස්ගාත 💜️

 


මිනිත්තුව ගානේ හිත ඇතුලේ පිරෙන darkest fucked up thoughts ටික ඔක්කොම කෝම හරි ඔලුව ඇතුලේ හදාගත්ත Black Coloured Container පෙට්ටියක පුරව පුරව, මේ ටිකේ එක දිගට ඉගෙන ගන්න techniques ඔක්කොම use කර කර,

ඔලුවට එන Fucking powerful impulses කෝම හරි control කරගෙන,

Radical Acceptance එක්ක මගේ core එකෙන්ම එන so realistic, self criticizing negative thoughts and commands ටික දවස ගානේ ඉවසගෙන ඉඳලා,

සතියක් තිස්සේ කාගෙන යන්න බලන් ඉන්න,

ජීවිතේම kinda depend උන NHSL එකේ Psychotherapy Session එකට යන්න හොඳටම පරක්කු වෙලා!

ඒත් ට්‍රැෆික් එක නිසා වයසක tortoise කෙනෙක් වගේ පට්ටම හෙමින් යන්න වෙලා!

උගේ ගමනේ නම් consistency එක හරි තියෙනවා, මේ රෙද්දේ එහෙමත් නෑ! 

Appointment එක උදේ නමයට,

දැන් අටයි පනස් පහයි!

තාම රාජගිරියේ!

Flyover එක පටන් ගන්නකොටම

කාගෙන්ද කියලා දන්නෙ නැතුව

ආපු කෝල් එක,

ළඟම යාළුවෙක් 59 වාට්ටුවේ ඇඩ්මිට් වෙලා ඉන්න කාලේ අලුතෙන්ම අරන් දීපු, මාස දෙකක් තිස්සේ එකම සින්දු අටක්* onrepeat අහලම වයර් ඇදුනු JBL Earphone එකෙන් ආන්ස්වර් කලා!!!


"හෙලෝව් ඉෂාන්! ගුඩ් මෝනිං!"


Awwwww!!! ඒ පණ්ඩිත කට හඬ 🙈🥺💜️

'මගේ' ස්‍යිකොලොජිස්ට් 🥹🥹🥹!!!


මම හෙලෝ කිව්වට එයාට ඇහෙන්නේ නෑ,

"හෙලෝව් ඉෂාන්!!!... හෙලෝව්, හෙලෝව්..!?..."


මෙලෝ මල දානයක් මතක තියාගන්න බැරි මෝඩ මොළේට පාරවලුත් වෙනසක් නැති නිසා ගූගල් මැප් එකේ ගෑනිට නිදහසේ කතා කරන්න දීලා තිබුනේ,

ඒක නිසාද කියලත් හිතුනා එයාට මගේ පැත්තෙන් ඇහෙන්නැත්තේ!!!

මෝඩ logic එකක්, ඒත් ඒම හිතුනා ඉතින්!


ඒ අස්සේ මගේ ඉස්සරහම තිබ්බ ඉරක් කපාගෙන මම වගේම පාර මැද්දෙන් හිටපු BMW 740එල්ඊ එක, එක පාර බ්‍රේක් ගැහුවා,

මම පොරගේ වාහනෙ බේර ගන්නවට වඩා ඒකෙන් මේ යාලුවෙක්ගෙන් මාස හතරකට ඉල්ල ගත්ත පල්සර් එක බේරගන්න බ්‍රේක් ගහපු පාර Earphone එකේ එක පැත්තක් ගැලවිලා හෙල්මට්ටෙකේ පටියේ රැඳිලා එල්ලෙන්න ගත්තා!

BMW එකක් පිටි පස්සෙන් ඇනලා නිකන් නඩු දාගන්නත් ඕන නෑනේ ඉතින්!


"Hello! Ishan!?"


"අයියෝව් between එයාගෙයි මගෙයි minds, Telepathy වගේ සීන් එකක් තිබ්බා නම් මෙච්චර මේ ට්‍රැෆික් එකක් අස්සේ කෝල් එකක් ආන්ස්වර් කරගන්න බැරුව කට්ටක් කන්න ඕන නෑනේ!", කියලා

හිතලා වටේ බලද්දි තාම පාලම මැද හරියටවත් ඇවිත් නෑ!


එහා පැත්තෙන් තවමත් tone එක වෙනස් වෙවී එයාගේ "Hellow!" එක ඇහෙනවා ප්‍රශ්නාර්ථයක් එක්ක!

තවමත් පාලමේ ascending half එකේ හිටපු නිසා ට්‍රැෆික් එක අස්සේ අත් දෙකෙන් එකක්වත් අත අරින්නත් බෑ! බයික් එකේ display පැනල් එක නැතුව න්‍යුට්‍රල් ගියර් එක හොයා ගන්නත් අමාරුයි!

කෝම හරි එයා කෝල් එක කට් කලා 🥺

Hello Hello කියලා ට්‍රයි කරලම මහන්සි හිතෙන්න ඇති!

පවු 🥺

මමද එයාද දන්නේ නෑ, මොනා උනත් පවු!!!

ආයේ ගන්න විදිහකුත් නෑ,

හු*තේ traffic එක unpredictable AF නේහ්!

Lady ගූගල්ට, Siri boisට ඇහෙන්නෙත් නෑ "හේයි ගූගල්!", "සිරී!" කිව්වට!

ඇයි ඉතින් අපේ උන් ඩ්‍රයිව් කරන්නේ හෝන් එකෙන්නේ!

Traffic එකේදි ඒක හොඳටම වැඩියි!

කෝම හරි බයික් එක නතර කර කර

පොඩි දුරක්, ගොඩක් වෙලා ගිහින්

flyover එක ඉවර වෙන හරියෙදියි මීටර් උනේ,

"යකෝ, එහෙම අපි දෙන්නගේ minds connect වෙන්න විදිහක් තිබ්බා නම්, 

එයාට මගේ mind එක read කරන්න පුලුවන් උනා නම්,

මෙච්චර කට්ටක් කන්න ඕන්නෑ, ගෙදර ඉඳගෙනම sessions 10කින් විතර මං වචනයක්වත් නොකියම එයා මට දැනෙන විදිහ දැනගෙන ඉවරයි! මගේ ඔලුව ඇතුලේ ඒ හිටපු කාලෙට එයාටත් දැන් මට වගේම පිස්සු හැදිලා ඉවරයිනේ!" කියලා!

හැබැයි එහෙම telepathically වැඩේ ගියොත් මට එයාව personally meet වෙන්න වෙන්නෙත් නෑ 🥺

ගෙදර ඉඳන්නේ වැඩේ යන්නේ, වැඩිම උනොත් මාසෙට පාරක් වගේ තමයි හම්බ වෙන්න වෙන්නේ 🥺

ඒත් "දෙන්නම" එකම පිස්සුවෙන් තැන් දෙකක ඉද්දිත් ආතල් එකක් තියෙයි කියලා හිතුනා 🙈😂💜

ඒකම අනිත් පැත්තට උනත් කමක් නෑ මම එයාගෙ ඔලුව ඇතුලට ගිහින්! probably sessions 10ට වඩා අඩු කාලයක් යයි, but in the end, the same exact thing will happen, i.e. We both ending up becoming lunatics,

Because සයිකොලොජිස්ට්ස්ලටත් පොඩ්ඩක් psychoනේ! LOL 😂😂😂


අනිත් අතට එහෙම විදිහක් තිබ්බොත් එයාට පුදුම හිතෙයි මිනිහෙක්ට මේ තරමට තවත් මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන්ද කියලා;

Like, මට එයාව මතක් වෙන හැම පාරකම මගේ මුළු හිතම

අර techniques මොනවත්ම නැතිව,

ට්ගප්පර ගානකට, අර ඔක්කොම fuckedUp thoughts ටික අයින් වෙලා

Completely opposite,

So damn good feelings ගොඩකින් පිරිලා ඉතිරිලා ගිහින්

කරගන්න දෙයක් තේරෙන්නේ නැතිව යන හැටි එයාට දැනුනම 🥹!

A feeling of respectfulness, a wholesome blissfulness

Even without a minute fraction of a lustful thought,

But love in its purest form where i could shower in Awe (in a good way)

Just by looking at

The way she talks like a පණ්ඩිතයෙක්,

Her face,

Her smartness and

Her unparalleled beauty!

හැබැයි ඒම උනා නම් එයා ලොවෙත් බය වෙලා මාව වෙන කෙනෙක්ට transfer කරයි මගේ recovery එක ගැන හිතලම 🥺


මේක මතක් උන ගමන් කාසල්ස්ට්‍රීට් එකේ වම් පැත්තට කරලා බයික් එක නවත්තලා මේක ටයිප් කරන්න ගත්තා! පරක්කු උනාට කමක් නෑ, දැන් මට එයාට කෝල් එකක් අරගෙන කියන්න පුලුවන් තව පැය කාලෙන් එනවා කියලා Ward 59 එකට!

ඔය ටික එක පාර මීටර් වෙන්න ටිකක් වෙලා ගියා!

ඉස්සර එහෙම නෑ, මොළේ ඉක්මනට process උනා,

ඒත් දැන් case,

Fucking brain ain't braining as it once did!

අවුරුදු 12ක් තිස්සේ මොළේට එහෙම වෙන්න හේතුවයි,

ඒක එහෙම වෙලා තියන එකමයි තමයි එයාව හම්බ වෙන්න යන්න මුල පෑදුවෙත්!

මේ ටික type කර කර ඉද්දි මෙච්චර වෙලා පැය භාගයක් විතර මං පාස් කරගෙන ආපු වාහන ටික ඉබ්බෝ ටිකක් වගේ මාව පාස් කරගෙන යද්දි උන් ටික දිහා උපේක්සාවෙන් බලාගෙන මම එයාට කෝල් කලා...!!!




*ඒ සින්දු අට

මතක සොයා - මාහිරු සේනාරත්න

සන්ධ්‍යාවේ මා - මාහිරු සේනාරත්න ft රෂාන් බාලසූරිය

ආයේ මගේ රිදෙන ආදරේ - මාහිරු සේනාරත්න

Fix You - Coldplay

වැහිළිහිණියේ - කසුන් කල්හාර

මටත් කවියක් ලියන්න - කසුන් කල්හාර

මල් වරුසාවයි - රවී Jay, තිලින බොරලැස්ස

කල්හාර මල් - අන්ජිත කුරුප්පු



MVSHP

I remember everything machan. It wasn’t drunk talking. Him passing away after being so close to us and that pain we as friends have gone thr...