Saturday, February 2, 2019

The Life i Have Now

මීදුම සමග මුහු වන සිගරට් දුම සමග,
කම්මුල් මත දිවෙන
රතු පැහැති කඳුලු මත,
ලියවුනු මගේ
කාලකන්නි දිවියට,
ඇරුතක් එක් කරනට,
කෙතරම් වෙර දැරුවද,
මසිත බිඳී ඇත නැවත
පිලිසකර කල නොහැකි ලෙස...

මගේ දෛවය කෙසේ නිම වෙයිද ,
පිළිතුරු නැගෙයි මගෙ සිහියට,
නේක අයුරුන් මෙලොව හැර යන්නට...

නමුදු මා සතු බැඳීම් කිහිපය
වෙලා ගයි මා සිත,
නොදී යන්නට අතැර මේ ලෝකය...

ජීවිතය විඳීමට දැක්ක ඒ හීනය,
බොඳ වෙලා අද විඳවමි ජීවිතය,
ජීවිතය රෝස මල් යහනක් නොවන වග
එය හුදෙක්ම අඛණ්ඩව හුකා ගන්නා
කෙලෙවරක් නැති දිගු ගමනක් පමණක්ම බව
තේරුම් ගිහින්
දැන් සත් වසකටත් වැඩිය
තවත් වසර කීයක් නම්
මේ ලෙස මට යන්න තියේවිද?
ඉන් වසර කීයක්
මට ඉවසගෙන ඉන්න හැකි වෙයිද?
එයට පිළිතුරු නොනැගෙයි මගේ සිහියට,
සිතන්නට තරම් සවියක්ද
නොමැත මා සිත තුල...

මත් වන බොතල් තුල
හදවත සිර කර
තැබූ ඒ කාලය,
දැල්වුන සිගරට් වල
දුම සමග
පොර බැදූ ආත්මය,
ගන්ජා දුම
සිතිවිලි තුල
සිත්තම් මවපු අරුමය
ජීවිතය සුන්දර සිත්තමක් යයි
එකල මට සිතුනද,
කුඩා කල සිට තුටින් වැලන්ද ගත් ජීවිතය,
වර්ණවත් කල ඒ වර්ණ සියල්ලම,
ඇල්කොහොල් සැරට සේදී ගොස්,
සිගරට් දුමට දුර්වර්ණව,
ගන්ජා දුමින් වියලී ගොස් ඇත්තේ,
පාළු මූසල සුසාන භූමියක,
අන්දුරු මුල්ලක ඉරී ඉතිරි උන,
වැස්සෙන් සේදී ගොස්,
කාලයට අවපැහැ ගැහුනු,
දෙලොවක් අතර අතරමංව
තනිව ලෙලදෙන
කහ ගැහුනු සුදු කොඩියක මෙන්‍ ය.

මගේ ආත්මයද,
සුසුම් මත දෙදරන,
දෙලොවක් අතර නිනව්වක් නැතිව,
සිතිවිලි නැමති සැඩ සුළඟේ සැලෙන,
ඉරී යාමට ලංව ඇති
කහ ගැහුනු රෙදි කඩක් වැනිය...

No comments:

Post a Comment

MVSHP

I remember everything machan. It wasn’t drunk talking. Him passing away after being so close to us and that pain we as friends have gone thr...