Friday, June 18, 2021

නුවර 💜️


Bohemian - Simple Lifestyle

Magnolia flowers - Symbolize The Love for Nature

Venus - Goddess of Love

Iris Flowers - Symbolize Hope & Faith

Heliotrope Flowers - Eternal Love

Amaya Hills (a Hotel Hidden In The Hanthana Mt.Range)



අදත් නුවරට වහිනවා ඇති

මම නැතත් ළඟ ඇය...

කෝපි දුම පිරී ඉතිරුනු,

ඇය ඇති, ඇගේ සුන්දර

හුදෙකලා බොහීමියන් කුටිය තුල;

ඇගෙ පියකරු

මැග්නෝලියානුක නෙත් යොමාගෙන...

යදිනවා ඇති ඇය

දෙවඟන වීනස් හට කණ වැකෙන ලෙස...

මවෙත අයිරිස් මලක් එවා ගත

නොහෙනුව...

ගැහෙනවා ඇති ඇගේ හදවත

හීලියෝට්‍රොපික මල් සැලෙන ලෙස,


ඉඳින් ඉවසන්

දෙවඟනාවිය,

මේ වගේම වැහි දවසක

ආයෙමත් මම

නුවර ආව හවසක

අපේ ඔරලෝසුවල

උත්තර නැති - අපිට ඇති

ප්‍රශ්න ඔක්කොම

විනාඩි පැය කටුවල

අමුනලා එකට එක...


එකක් විසි කරමු; මහවැලියට

අනික ගිල්ලමු; නුවර වැව යට...


පෙරාතුව, පරදින දිනට

අපේ ජීවිත,

මේ ප්‍රශ්න එක්කම

ඔරලෝසුවේ කටු වලට...


කැම්පස් චෛත්‍යය

මහවැලිය අද්දර දිගන පන්සල

රහත් හිමිවරු වැඩ සිටින,

උඩවත්ත කැලය කඳු මුදුන...

ආලෝක වර්ෂ මෙන් දැනුනු,

අප අතර - අඩියක පමණ පරතරය...

රාජකීය පොකුණ පසු කර

නුවර දළඳා මුනිදු අභියස,

නගිමු පියගැටපෙල

විඳිමින් සවස නුවර අසිරිය,

ගමනාන්තය:

බහිරවකන්ද මුනිදු අභිමුව,

වඳිමු අපි අපේ

සිත් සන්තානයම

නිසල කරගෙන 🙏🙏🙏


හන්තාන පාමුල

මීදුමට බිලිවුන

සීත තානායමක,

උනුම උනුවට

ප්ලේන්ටියකුයි,

රොටියකුයි

ආගිය විස්තර

කෝටියකකුයි

එක්ක,

දොඩමලු වෙමු අපි අපිට ළංව,

වැටෙන වැහි බිංදු අත්ල මත

පෘථිවි තලයට වැටෙන්නට පෙර

මොහොතකට නතර කරගෙන

...

මේ මොහොත මෙන් අප ගෙවන,

නතර කරගෙන දිනක් දෙකක්

දින කීහිපයක්,

ජීවිතෙන් එපිට හැමදාම අපි දුවන...


විඳිමු අපි සෙනෙහස

තුරුලු වෙමු,

සිප ගනිමු,

සිනහ වෙමු,

වැලපෙමු,

අඳුරු බීරුම තුලම...

කැම්පස් එක,

කැම්පස් එකේ Pub එක,

ආදරවන්තයින්ගේ මාවත,

රාජසිංහ මාවත,

KCC එක, වැව රවුම,

බියර් තොලගෑ රාජකීය තැබෑරුම with

Their Unique Recipe

of Potato Wedges

dipped in Kandy Chillie Sauce සැර එක්ක,


...

මලින් පිරුණු තුරු ඇති,

මලින් විසිරුණු මාවත් දුවන

මන්දාරම් අඳුරේ ගැඹුරේම කිමිදුන

හෙල්ගා'ස් ෆොලීහි ඉපැරණි සෝෆාව මත...

වෙමු, වෙළෙමු වැළඳගමු උනුසුම්ව!!!


ජීවිතය ඔරලෝසුවට

පරදින දවස

අමතක කරමු එකම එක දවසකට

ඒ දවසට කලින් දවසක

මට ඕන

සිගරට් එකක් එක්ක

බොන්න කලු කෝපි

කෝප්පයක් ඔයා එක්ක,

තුරුලු වී තෙමෙමින්

ටොරිංටන් චතුරස්‍රයේ

දුම් දමන වීදි කෑම එක්ක

උණුසුම හොයමු අපි අපේ තුරුලු වල

ගිහින් නිදන තුරු "අමායා කඳු" සිකරයට!




No comments:

Post a Comment

Campus එකම වහගත්ත හන්තානේ, කන්ද පාමුල, මහවැලියේ ඉවුරු යා කරපු අක්බාර් පාලම උඩ, ජොයින්ට් එකක් ගහන ගමන් අහස දිහා බලාගෙන, බැහැගෙන ගියපු ඉර, නැග...