Friday, June 18, 2021

ඩයරිය

ඇයි ඔයා දිනපොතක් ලියන්නෙ?

ඵක දවසක් කවුරුහරි ඇහුවා!


මට ඕනැවුනේ,

මගේ ජීවිතය ඵතන නවත්තන්න...

දරාගන්න බැරි හැගීම් ඵක්ක,

ඉස්සරහට යන්න බැරි මතකයන් ඵක්ක

මාවම එතන හිරකරල තියන්න...

අයෙමත් හොයාගන්න පුලුවන් විදිහට,

පුංචි පුංචි සිහිවටන එක්ක,

මළගිය සාක්ෂිකාරයො ඵක්ක,

මාවම හිරකරල තියන්න...


ඇත්තටම ඒක සොහොන් පිට්ටනියක්...

ජීවත් වෙන කාටවත් වැඩක් නැති,

අමු සොහොනක්...

ඉදල හිටල ගිහින්,

පහනක් පත්තු කරලා ඵන,

මතකයන් වල දාපු 

සොහොනක්...


ඉතින් මන් ආසයි,

දවසක ඔයත් ඵක්ක,

ඵ් සොහොන ඇතුලේ ලියවුන,

හැම සොහොන් කොතක් ළඟටම ගිහින්...

ටිකක් වෙලා ඒක දිහා බලන් ඉඳලා

ගෙනිච්ච මල් ඵකින් ඵක තියල

පහනක් පත්තු කරල ඵන්න...


ඵන ගමන්

ඔයාව බස් ඵකට

ගොඩකරල ඵන්න බැරියැ...


✒️  වීරප්පන් 

No comments:

Post a Comment

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...