බලා හිඳිමි මම,
අහස - කඳු සංවාසයේ නිරත වනයුරු 🏞️
උමතු අහසට උස් වෙමින්
වලා පටලද සිදුරු කරමින් 🌧️
රමණයේ යෙදෙන කඳුසිකර දෙස... 🏔️
සිනිදු සුදු පැහැ වලා පට උනා දමමින් 🌧️
සුරාන්තය තුල
එක දිගට කිමිදෙන 🌪💧
හැඟුම්බර අහස,
උමතුවෙන් මෙන් ගිගුම් දෙන ⛈️
තෙත්ව පුපුරා බිමලමින් වැසිදිය/දහදිය 🌪
එයින් කුල්මත්ව වා තලය
විදුලි හෙලි එළි පතුරවයි ⚡
විනිවිද යමින් වලාකුල් ගැබ... ⛈️
දම්වැලක පුරුක් ලෙස
එකකු පසුපස එකකු පැමිණෙයි
ඇමිනෙමින් වැහි බිංදු
පඨවි තලයට...
උන්ද හැමිනෙයි
සොය සොයා සියුම් තැන්
මහ පොළොව මත... 🏞️
එක දිගට තරඟයට
තෙත් පොලොවේ මඩ වතුර
ගලා යයි මග නොදැන 🌀🌊
උහුල ගත නොහැකි තැන
වැහි බිංදුවල ගට්ඨනය... 🌧️🌧️🌧️
කුරුලු යුවලක් සොයයි හෙවනක්
නොතේරෙන බර බිඳිති වැහි යට 🐦🐦
තෙමි තෙමී යයි ඔහුම පලමුව
සොයයි උනුසුම් තැනක්
ලගින්නට ඇය සමග
ඇයද පසුතටු ගසයි හනිකට
ඔහු යන මගම
ඔහුගේම උනුසුම පතාගෙන... 🖤
මගෙත් ගත මෙන්ම
සිතද අද
අසයි ඇය කොහෙද
සීතලයි මට,
ඉන්න තිබුනානම්
ඇගේ උනුසුම් ළය මඩළ මත
මගේ සීතල හිස හොවාගෙන... 🖤
කඳුයි - අහසයි 🏞️
පසයි - වැස්සයි 🏞️🌧️
කුරුලු යුවලයි 🐦🐦
විදුලි එලි සමග - වලාකුල් බර අඳුරු අහසයි ⛈️🌧️⚡
හරිම නරකයි
හැමිනියන් තොප
මම තනිව ඉන්නම් බලාගෙන
තොපි රති කෙලියේ යෙදෙන අන්දම!!! 🥺
No comments:
Post a Comment