Tuesday, September 20, 2022

මතක

---

තාම අවුලෙන්ද ඉන්නේ?


+++

ඔව්!

ඉස්සර රිදුනේ හිත,

දැන් රිදෙන්නේ ඇඟ

අපි ටිකක් වයසයි දැන්!!!

ඉස්සෙල්ලාම

මුණ ගැහුනු දවස පහු වෙලා

දැන් දශකයකුත්

අවුරුදු දෙකක් ගත වෙලා!

ආපු ගියපු තැන් වල

ඉතිරි උනු මතක,

ආයේ hark back කරන්න,

relive කරන්න ඕනම කියලා හිතුනොත් විතරක්

ඵන්න හවසක මේ පැත්තේ

"මලකුත් අරගෙන"


---

ඒත් 

ඇයි මල්?


+++

හරි සිහියෙන් ඉද්දී,

"Realityය" ඇතුලේ

ඒ මතක යතාර්ථයක්

වෙන්නේ නැති හින්දා...

ඒ මතක තියෙන්නේ පට්ට කලුවරේ;

මම ඒවා පාලු

කලුවර කනත්තක

වලදැම්මා...

ඉතින් ඒ කට්ට කලුවරේ තියන දේවල්

හරියට එලිය වැටිලා පේන්න,

ඇහැ වගේම

හිතත් හුරුවෙන්න ඕන හින්දා!

🍁

No comments:

Post a Comment

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...