බිඳී අතු රිකිලි රූස්ස ගස්වල
රැහැන් පරිපථ බිඳී වැටුනම
කට්ට කලුවර කාමරයක ඇය
තනිව නිහඬව ඉන්නෙ කෝමද...
අඳුරු පෑ හීතල මැද ඇයට
මතක් වෙන්නට ඇත අප දෙදෙන
බඳ වටේ මම දමාගෙන අත
ඇයද මගෙ ඉන වට අත දමාගෙන
උරෙනුර ගැටෙමින් හීතලට අපි දුන් සටන
අපි අපිම,
අපි අපිට තුරුලුව
උණුසුම්ව තදින් ගුලිව
සක්මන් කර අතුරුදන් උනු දවස්
නුවරම වසා ගත්
ඒ මන්දාරම් අඳුරු බීරුම තුල... 🖤
❤️
ReplyDelete