Tuesday, September 20, 2022

සමහරු...

අඩෝව්,

වැඩි පුරම හිනාවෙන

අනිත් උන් හිනස්සන්න දඟලන උන් ඉන්නව නේද!?

ඕකුන්ට මන් හරි බයයි 

උන් හරි ඉක්මනට අපිව දාල යනවා!

ඒක මන් අත්විඳලා තියෙන දෙයක්!


උන් පුදුම ජීවිත වල අයිති කාරයෝ!

හිතපන්, උඹ එක්ක හිටපු එකම මොහොතත් උන්ට පුලුවන්

ජීවිතේටම අමතක නොවෙන මොහොතක් කරන්න!

ඒ උන්ගෙ හැටි!

මොන මගුල කිව්වත් හිනාවෙන එක උන්ගෙ ගතිය!

බලෙන් හරි උදව් කරන එක

පුංචි දේවල් ගැනත් මහ ලොකුවට හිතන එක,

තව එකෙක් දුකෙන් ඉන්නව බලන් ඉන්න බැරි එක

උන්ගෙ ප්‍රධානම රෝග ලක්ෂණ ටිකක්!

එහෙම උන් ඉන්නවා නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපන්!

ඌ/ඒකි එක්ක පොඩි වෙලාවක් අරගෙන ඌ/ඒකි කතා කරපන්!

උඹ ගැන නෙමෙයි, ඌ/ඒකි ගැන 🖤

No comments:

Post a Comment

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...