Wednesday, August 11, 2021

#අවසරයි_සිවුරෙන්_සමුගන්න...


 #අවසරයි_සිවුරෙන්_සමුගන්න...


ගරහන්න ලේසියි...

පළඳින්න අමාරුයි... 🧡


අවසරයි සිවුරෙන් සමුගෙන යන්න 🙏


ගෞරවණිය ලොකු ස්වාමීන්වහන්සේ වෙත ලියමි!

ලියුමේ අකුරු බොඳ වෙලා ඇති,

පැහැදිලි නැතිව ඇති,

ඇස් දෙකේ කඳුළු කැට සලමින් මෙසේ ලියමි. කවදාවත් හදවතට නොදැනුනු තරම් වේදනා ගින්දරින් ලියමි.

මම දන්නවා මේක බලපු ගමන් ඔබවහන්සේ බනීවි,

සමා වෙලා ඉවර වෙනකම් කියවලා මට බනින්න ලොකු ස්වාමීන්වහන්ස 🙏

අවසර ලොකු ස්වාමීන්වහන්ස,

මම අවුරුදු 9දී මහණ වෙන්න  ආවේ!

එදා ගමේ තියෙන පැලට වෙලා,

රිලව් එළව එළවා හිටපු මට,

මේ අධ්‍යාපනය සහ ජීවිතය ගෙන දුන්නේ

ඔබ වහන්සේයි 🙏

මම අද මෙහෙම ජීවත් වෙන්නේ සිවුරට පින්සිද්ද වෙන්න 🙏

මගේ ඇඟිල්ලෙන් අල්ලාගෙන

අකුරු කියලා දුන් විදිහ

මතක් වෙනකොට පපුව පිච්චිලා යනවා... 🥺

ඒ දවස් අමතක වෙන්නේ නෑ කවදාවත්ම 💜️ නගරයේ පන්සල් වලට

දාන මුදල් ඇති තරම් ලැබුනත්,

අපේ පන්සලට මුදල් ලැබෙන්නේ කලාතුරකින්!

ඒක ගැන මම තුන් හිතකින්වත්

කා හටවත් දොස් නගනවා නෙමෙයි!

මට මතකයි

එක දවසක් උදේ දානයට

ලැබුණේ පුස්නාප්ප දෙකක්.

ඔබ වහන්සේ

එක කෑල්ලක් බුද්ධ පූජාවට තියලා

ඉතිරි ටික කෑලි හතරට කපලා,

මටයි, පන්සලේ සීයටයි

දුන්නා මතකද!?

එදා දවල් දානේ හම්බ උනේ නෑ.

දානේ දෙන ගෙදර අක්කා

රට රැකියාවකට ගිහිල්ලා.

ඔබ වහන්සේ දවල්ට බත් ටිකක් උයලා,

පොල්සම්බෝල හදල දුන්න හැටි

තාමත් මතකයි!!!

රෑ වුණා,

මට බඩගින්න දරාගන්න බැරි තැන

මම ඔබවහන්සේට,

"බඩගිනි!" කීවා මතකද!?

ඒ වෙලාවේ ඔබවහන්සේ

මේ දවල් ඉතුරු වුන ටික

රත් කරලා මට දුන්නා,

"ලොකු හාමුදුරුවෝ වළඳන්නේ නැද්ද!?"

කියල අහනකොට,

"එපා පුතේ මට!

මට රෑට වළඳන්න කැප නෑ,

අසනීපයක් වෙලා

අමාරුම වෙලා රෑට වැළඳනවා දැක්කොත් 

මිනිස්සු ඒක දැකලා මට බනීවී!

ඒත් ඒ වචන ටිකෙන් ඒ අසරණයන්ට

රැස් වෙන අකුසල් වලට මම අනුකම්පාවයි!ඉතින් මම වළඳන්නේ නැතිව හිටියම

ඒ මිනිස්සුන්ට අකුසලයක් වෙන්නෙත් නෑ,

හිතත් සතුටුයි"

කියලා මටයි, පන්සලේ සියාටයි

බෙදලා දුන්නා ඔලුව අතගාලා.

අදයි මට තේරෙන්නේ,

එදා ලොකු හාමුදුරුවෝ වැලඳුවේ නැත්තෙ

අපිට බත් මදිවෙයි කියලා.

පහුවදා උදේ වාසනාවට වගේ පන්සලකින්

දානේ ගෙනාවා!

ඒ වෙලාවේ ලොකු ස්වාමීන්වහන්සේ කීවේ, "පුතේ, මිනිස්සු දුක් විඳිනවා...

ඒක නිසා ලුණුයි බතුයි කාලා හරි

අපි නිහඬව ඉන්න ඕන!

ඒ මිනිස්සු මොනවා කරන්නද,

අපි මහණ වුණේ නිවන් අවබෝධ කර ගන්න,

මිනිස්සුන්ට සේවයක් කරන්න!

අපි හැම දේම දාලා ආවේ මහණ වෙන්න!"

කියලා කීවා!

ඒ කීව දේවල් එදා වගේම අදත් මතකයි!

එදා රෑ වීගෙන එනකොට

ගල්තලාවට නැගලා

පාර දිහා බලාගෙන ඉන්නකොට

මට ලොකු දුකක් දැනුනා...

කළුවර වැටීගෙන එනකොට

මමත් පන්සල් වත්තේ ඔහේ

එහෙට මෙහෙට ඇවිදිමින් හිටියා,

ඒත් මගේ හිතට දැනුනේ,

"අනේ මටත් අම්මත් එක්ක

ආදරෙන් ගෙදර ඉන්න තිබුනා නම්!

අයියලත් එක්ක සතුටින්

හිනාවෙලා ඉන්න තිබුනා නම්

යාළුවොත් එක්ක බෝල් ගහන්න,

සරුංගල් යවන්න තිබුණා නම්,

මම දන්නවා

කවුරුවත් මාව

බලෙන් පැවදි කෙරෙව්වේ නෑ,

කවුරුවත් පලි නෑ මට මේ දැනුන දුකට,

ඉස්සරහට,

මේ භවයෙන් පස්සේ

මේ දේවල්ම ආයෙමත් වෙනවා,

ගොඩක්ම වෙලාවට මීටත් වඩා වේදනාව දැනෙන විදිහට

ඒ හැම වේදනාවම නවත්තන්න මේ වේදනාව විඳින්නම වෙනවා කියලා මම දැනගෙන හිටියත්,

මේ පෘථග්ජන හිත

මෙහෙම දුක එන්නේ

අපි ගැන, සිවුර ගැන අපේම දායකයෝ

අපිට කියන කතා අහලා,

එයාලා සැරියුත් මුගලන් මහතෙරුන්

මහාකාශ්‍යප හිමි,

ආනන්ද තෙරුන් වගේ මහා රහත් හිමිවරුන්ගෙන් නොකැඩී පැවතගෙන එන සිවුරක්,

සඟ පරපුරක් විදිහට

සංඝයා වහන්සේලාට සලකනවා වෙනුවට,

මේ හැම ස්වාමීන්වහන්සේ නමක්ම,

දෙවුදත් හිමි,

දැන් කාලයේ දුසිල්වත්ව ඉන්න

භික්ෂූන් තරමට හිතලා කටයුතු කරන්නේ...!"

කියලා.

මේ ටික හිතෙද්දි

මම දන්නෙ නැතිවම

ඇස් වලට කඳුළු ඇවිල්ලා...

අද වගේ මතකයි මට,

ඒ වෙලාවේ ලොකු ස්වාමීන්වහන්සේ

එතනට ඇවිත්,

"ඉස්සර වගේ නෙවෙයි පොඩි නම,

නිවන් දකින්නයි,

ගමට සේවය කරනවටයි අමතරව

හාමුදුරුවරුන්ට ලොකූ වේදනාවකුත් දරා ගන්න වෙලා දැන්!

පොඩිනම ඉවසන්න බලන්න

නැත්නම් සිවුරත් එපා වෙයි!"

කියලා මාව තුරුළු කරගත්තා...

ඒ මොහොත මගේ හදවතේ

හැමදාටම තියේවි...

එදා මම පිරිවෙනට යනකොට

සෙරෙප්පු දෙකක් තිබුනේ නෑ

ඇස් වලට කඳුළු ආවා

ඒ වෙලාවේ ඔබවහන්සේට මතකද

ඔබ වහන්සේ

ඔබවහන්සේගේ බාටා දෙක

මට දාගෙන යන්න දුන්නා...

ඒත් මෙච්චර දුර බස් එකේ යද්දි,

පිටකොටුවෙන් බැහැලා යද්දි,

ඒ සෙරෙප්පු දෙක දාගෙන යනවා දැක්කමත්

ම්නිස්සු කිව්වේ හාමුදුරුවන්ට සෙරෙප්පු දාන්න කැප නෑ,

සියල්ල අත අරිනවා නම් ඇයි සෙරෙප්පු විතරක්?

බස් එකේ කිලෝ මීටර 300ක් විතර ඇවිල්ලා බහින දුරට,

බස් වල යන්න සල්ලි කොහෙන්ද,

භික්ෂුවට සල්ලි අල්ලන්න තහනම් නේද කියලා ඇහුව කිසි කෙනෙක් ඒ ටිකට් එක අරන් දුන්නේ නෑ,

සමහර කොන්දස්තරවරු සල්ලි ඉල්ලනව,

සමහර අය ගිලපසත් පූජා කරනවා,

සමහර මිනිස්සුත් එහෙමයි!

ඒත් ගොඩක් අය එහෙම කරන්නේ නෑ,

ඒ වෙනුවට හිත රිදෙන දෙයක් කියන එකයි එයාලගේ සතුට!

"පොඩිනම පිරිවනට සල්ලි ඕනි නම් කියන්න"

කියලා ඔබ වහන්සේ සැරෙන් සැරේ කීවා

අමතක නෑ ලොකු හාමුදුරුවනේ,

සල්ලි තිබුණට නොවේ,

දාන වලට හම්බ වුනු

අතිරේක සබන්, කිරිපිටි,

දත්බෙහෙත්, බුරුසු 

විකුණලා ලැබුණු සොච්චම තමයි

මට උගන්වන්න

ඉතුරු කරලා තියාගෙන ඉඳලා තියෙන්නේ

කියලා මම දැන ගත්තේ ගොඩාක් පහු වෙලා!

මතකද ඔබ වහන්සේ එදා රෑ මට බඩගිනි 

වෙලා ඉන්නකොට

කොට්ට පොලයක් පලලා කන්න දුන්නා!

දැන්,

කාලයත් එක්ක මට පිරිවෙන පන්සලට,

කොළඹට විවිධ වැඩ වලට යන්න වෙලා.

ඒ වෙනකං මට

අම්මාටත් තාත්තාටත්

ගෙදර අයටත් වඩා ආදරේ කලේ

නුඹ වහන්සේයි!

මම ආදරේ කලේ බුදු සිවුරටයි,

පන්සලටයි, දායකයන්ටයි,

මගේ සිංහල ජාතියටයි...

ඒත් දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා

ලොකු ස්වාමීන්වහන්ස, මට සමාවෙන්න.

ඔබ වහන්සේලා වගේ

අපිට දරාගන්න බෑ...

ඇත්තටම අපිට සල්ලි, සිවුරු, සබන්

ලැබෙනවා තමයි...

ඒත් එදා මිනිස්සු ඒවා පූජා කළේ හාමුදුරුවරුන්ට ලැබෙනවා දැකල

අනේ සාධු කියලා

පින් අනුමෝදන් කරගෙන

සතුටු වෙලා.

ඒත් දැන් මිනිස්සු අපට

ඊටත් වඩා පුංචි දේටත් බනිනවා!

අපි අපේ නිවන් මග අමතක කරලා

කොච්චර වැඩ කරලා

දායකයින් සනසන්න හැදුවත් වැඩක් නෑ!

දායකයින්ගේ දරුවො කෝ කියල ඇහුවොත්,

පැය විසි හතරෙම පන්ති යනවා ඉගෙනගන්න,

ඒත් පන්සලේ අපි උදේ දවල් රෑ පුරා පූජා තියෙනවා...

අවුරුදු නවයේ ඉඳලා එහෙමයි!

රෑ නිදිවරාගෙන පාංශුකූල වලට යනවා හැමදේම කරනවා

බෑ කියන්නේ නෑ

පන්සලේ පිංකම්

ගෙදර පිංකම්

රැයක් දවාලක් නැතිව

හතිදාගෙන ආසාවෙන් කරනවා

ඒ වගේම පන්සලේ පින්කම් වෙන දවසට

හිටගෙන නින්ද යනකම්

කකුල් දෙක තුවාල වෙනකම් වැඩ කරනවා

මම අවුරුදු නවයේ පටන්

මේ වෙනකන් උපන් දින ගෙවිලා ගියා

ඒත් මම කාටවත් කියන්න ගියේ නෑ

කේක් කපන්න සාද තියන්න කියලා.

මම චෝදනා කරනවා නෙමෙයි,

ඒවගේ නිස්සාරණ බව දැනගෙන තමයි

ඒවා අත ඇරලා මහණදම් පුරන්නේ,

ඒත් අවුරුදු නමයේදී

ඒවා ලොකුවට තේරුනේ නැති උනත්

මම කරපු එකම දෙය,

ඇස් දෙකේ කඳුලු පුරෝගෙන

මාව හදපු අම්මා තාත්තට

බෝධිය දිහා බලාගෙන

ආශිර්වාද කරන එක විතරයි.

මම ගිහි ජීවිතේ වගේ කිසිදෙයක් ඉල්ලුවේ නෑ...

ඒත් මගේ උපන්දිනය සිහි කරලා

එක මලක් හරි පූජා කරන්න කෙනෙක්

මගේ ළඟ හිටියේ නෑ.

දෙමාපියෝ අහිමි වේදනාවෙන් හිටපු මට,

මගේ අම්මා වගේ, මගේ තාත්තා වගේ, අයියලා වගේ, ඇත්තටම ස්වාමීන්වහන්සේ නමක් විදිහට හරි මාත් එක්ක මිනිස්සු හිටියා නම්

අද මෙහෙම මගේ හදවතට වේදනාවක් දැනෙන්නේ නෑ...

අවාසනාවට එහෙම නොවුණු නිසා

අද අම්මාගේ තාත්තාගේ

ආදරේ සෙනෙහස සොයමින් වෙහෙසෙනවා 

ඉස්සර මම බඩගින්නේ හිටපු වාර  ගාන අනන්තයි

හොරෙන් දුක නැති කරගන්න අඬපු වාර අනන්තයි

ඒත් මම සිවුරට ආදරේ කරා

ජීවිතේ දුක කියන්න කෙනෙක් නැති තැන

මම මගේ කවි පොතේ මගේ දුක ලීවා

කඳුළු කැට හලමින් මගේ පොතේ ලිව්වා

මගෙ පොත් රාක්කෙ චූටි පොතක් ඇති ලොකු ස්වාමීන්වහන්ස,

ඒක බලන්න

මගේ දුක මගේ තරමටම දන්නේ

ඒ චූටි පොත විතරයි

මට මගේ දුක කියන්න හිටියේ

ඒ පොත විතරයි

මේ හැමදේම මට එපා වෙන්න පටන් ගත්තේ  2006යේ පෙබරවාරි 04 වෙනිදා ඉඳලා.

මම බස් එකේ හෝල්ට් එකේ

බස් එකක් එනකම් හිටියා!

එන හැම බස් එකක්ම

"කොහේද යන්නේ?"

"මම යන්නේ හබරණට!"

"බෑ බෑ ළඟ වැඩියි" කියා යනවා

අනේ අපොයි මිනිස්සු එනවා බහිනවා ඊළඟ බස් එකේ නැගල යනවා

එත් මම පැය තුනක් පාරේ

මගේ ඇස් වලට කඳුලු ආවා

මම මේ බුදු සිවුර දරාගෙන ඉන්න නිසාද

මට මේ දුක කියලා මට හිතුනා

ඒත් හිතට හයිය අරගෙන

පැය තුනකින් පන්සලට ගියා

ආයෙමත් පිරිවනට එනකොට බස් එකේ කොන්දොස්තර මහත්තයා කීවා,

"හාමුදුරුවන් වහන්සේ නමක් එනවා 

ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනා

සීට් එක දෙන්න!" කියලා

එතකොටම ඒ සීට් එකේ හිටිය මහත්තයා

"මුන්ගේ අම්මලාට..."

කියලා නැගිට්ටා

මගේ පපුව පිච්චිලා ගියා

රත් කඳුළු කැට ඇස් දෙකට ආවත්

එව්වා සඟවාගෙන

"සමාවෙන්න මහත්තයෝ,

මම පස්සේ බස් එකක එන්නම්!"

කියලා බස් එකෙන් බැස්සා

මම පාඩම් වැඩවලට,

ඉන්ටනෙට් යන්න ඕන නිසා

ටිකක් ලොකු ෆෝන් එකක් ගත්තා

එදා ඉදන් ඒක දකින බොහෝ අය,

"අර බලපං,

හාමුදුරුවන්ට නිවන් යන්න 

තියෙන ෆෝන් එක!"

"අඩේ අර බලපල්ලකො හාමුදුරුවන්ගේ ෆෝන් එක!

මොනවා කරනවාද,

මොනව බලනවද දන්නේ නෑ බං!"

මට ඇහුණු වාර අනන්තයි

එදා ඉඳන්

විභාගයට කලින් දවසේ පාඩම් කරන්න

කොච්චර තිබ්බත්,

කොච්චර දුරකථන ඇමතුම් ආවත්

මිනිස්සු ඉන්න තැනකදි නම්

ෆෝන් එක එලියට ගත්තේ නෑ,

මිනිස්සු සිවුරට බැනලා

එයාලටම අකුසල් එකතු කර ගනියි

කියල බයට!

දායකයෙක්ගේ හරි ලොකු වාහනයක

යනව දැක්කම,

"අර බලපල්ලකො හාමුදුරුවෝ යන වාහනේ... හාමුදුරුවනේ ඔබ වහන්සේලා අපිට ඔක්කොම අත අරින්න කියලා බන දේශනා කරලා,

ඔබ වහන්සේලා මේවගේ ගියාම හරිද!?" කියලා අහන්නේ හැම හාමුදුරුවෝ නමක්ම දුස්සීලයි, සල්ලි වලින් පිරිලා

සැපට ජීවත් වෙනවා කියලා හිතාගෙන...

එහෙම භික්ෂූන් ටික දෙනෙක් ඉන්නවා, ඒ ටුක දෙනා පේනවත් වැඩියි,

ඉතින් මුලු සංඝ අරම්පරාවම ඒ මිම්මෙන් මනින්නේ ඇයි,

එහෙම මැනලා අකුසල් රැස් කර ගන්නේ ඇයි කියලා මට කවදාවත් තේරුනේ නෑ ලොකුහාමුදෘවනේ!

කාන්තාවක් එක්ක කතා කර කර හිටියොත්, "හාමුදුරුවන්ගේ බිරිඳ වෙන්න ඇති බං!" කොන්ඩෙ ටිකක් වැවිල්ලා තිබුනොත්, "නළුවෙක් වෙන්නද දන්නෑ හදන්නේ!" කඩේකට ගිහින්

අම්මාට තාත්තාට ඇඳුම් ටිකක්

තෝරන්න ගියොත්,

"මොන ගෑණිට දෙන්නද දන්නේ නෑ"

මේ වගේ ගොඩාක් දුක හිතෙන දේවල් දරාගන්න බැරි තැනමයි

අපිට දුක හැමදාම උරුම උනේ

මිනිස්සු තමන්ගේ වැඩ පසෙකට දාලා

අපේ වැරදි අඩුපාඩු හොයනවා

හැබැයි කවදාවත්,

"ස්වාමීන්වහන්ස වැළඳුවාද?

ප්‍රශ්නෙකද ඉන්නේ, වේදනාවෙන්ද!?"

කියලා කවුරුවත් ඇහුවේ නෑ.

අවසර මාත් එක්ක පිරිවෙනේ හිටපු

විසිඑක් දෙනාගෙන්

අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ

මම විතරයි

අනිත් අය ඔක්කොම සිවුර හැරලා ගිහිල්ලා

තුන්දෙනෙක් රෑට කනවා,

කඩෙන් කොත්තු කනවා කියලා දායකයො සිවුර හැරෙව්වා

තව හතර දෙනෙකුට

බොරුවට කාන්තා සම්බන්ධතා තියෙනවා 

දහම් පාසලේ ගුරුවරු එක්ක

සම්බන්ධතා තියෙනවා කියලා

මුසාබස් කියලා  සිවුර හැරෙව්වා

තවත් හතර දෙනෙක් සිල්වත් නෑ,

අපරාදේ මුන්ට දාන දෙන්නේ

කියලා හිතට වේදනාව දීලා

හිත පාරවලා පාරවලා

සිවුර ඇරෙව්වා

අවාසනාවට වගේ තව කීපදෙනෙක්

ගැහැණු ළමයි එක්ක යාලු වෙලා

සිවුර හැර ගියා...

ඇත්තටම අපිටත් මහමෙව්නා අසපුවේ 

හාමුදුරුවරු වගේ

තමන්ගේ පාඩුවේ ඉන්න තිබුනා 

ආත්මාර්ථකාමීව නිවන් මාර්ගය ම සොයමින්

එත් මම බැලුවේ මගේ නිවනට කලින් 

මිනිසුන්ගේ නිදහස.

මිනිස්සු වෙනුවෙන් යම් සේවයක් කරලා මැරෙනවා කියලයි මම හිතුවේ!

මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ,

මේ දුක තවත් තදකරගෙන ඉන්න

මට හිතේ ශක්තියක් නෑ

අවුරුදු නවයේ ඉඳන්

මේ වෙනකම් වළඳපු දානයට වඩා

හිතේ ගින්දර වැඩි...

මෙච්චරකල් මම සිවුරේ හිටියේ,

"බනින මිනිස්සු අතරේ හොඳ අයත් ඉන්නවානේ!"කියලා

ඒත් අනාගතයේ නම්

ඒ කිසි කෙනෙක් නැති වෙලා යාවි.

මම කවදාවත් ලෞකික සැපතක් හෙව්වෙ නෑ

මට ඕනි උනේ සිවුරට ආදරෙන් ඉන්න

ඒත් දැන් ඒ හැඟීම නැති වෙලා

ලොකු හාමුදුරුවනේ මට සමාවෙන්න මම සිවුර හැර යන්න තීරණය කරා!

මම දන්නවා

මම ගියාම පන්සලේ මකුනු දැන් බැඳලා

දූවිලි රැඳිලා තියේවි

ආයෙමත් තණකොල වැවිලා

පන්සල, චෛත්‍ය මළුව, බෝමලුව

කැලේට යාවි

හදපු මල්පෝච්චි බිඳිලා මල් මැරිලා යාවි

ඒත් ඒ හැම දේටම වඩා

මිනිස්සුන්ගේ බැනුම් මට හදවතට ලොකුවටම දැනුනා

අවුරුදු නවයේ ඉඳලා මේ දක්වා

අවසර ලොකු ස්වාමීන්වහන්ස,

වැරදියට තේරුම් ගන්න එපා

ලොකු ස්වාමීන්වහන්සේ සමහරවිට හිතාවි 

මූට මක් වෙලාද කියලා

මම ගියාම දායකයෝ

සමහර විට කියාවි,

"ඌට මනමාල පිස්සුව ගහලද දන්නේ නෑ!"

කියලා...

නෑ ලොකු හාමුදුරුවනේ,

මම මේ තීරණය ගත්තේ

ගෑනු ගන්නවත්

කෙල්ලො අරන් යන්නවත් නෙමෙයි,

පාටි දාන්නවත් නෙමෙයි

ඒ කුණු වෙලා යන මස් වැදැල්ලක්

වගේ ගෑනු මගේ කරේ එල්ලා ගන්න

මට කවදාවත් ඕනි නෑ

හැමදාම මට ඇහුනේ,

"හාමුදුරුවෝ රෑට කෑවා",

"අරයත් එක්ක කතා කරා!",

"ෆෝන් එකේ ලොකු!",

"යන වාහනය!",

"කොණ්ඩය!",

"ජාතික ගීයට නැගිට්ටෙ නෑ නේද!?",

කියන එව්වා විතරයි

අවසර ලොකු හාමුදුරුවනේ,

මෙච්චර හාමුදුරුවෝ නිවන් මග පස්සට දාලා,

වැඩ කරනවා ජාතිය වෙනුවෙන්,

විශ්වවිද්‍යාල හාමුදුරුවරු උද්ඝෝෂණ කරනවා ලංකාවෙම මිනිස්සු,

දරුවන් වෙනුවෙන්,

ඒත් මිනිස්සු හිතුවේ හාමුදුරුවරුන්ගේ 

ගැහැනු ළමයි වෙනුවෙන්

මේවා කරනවා කියලා

අනේකවාරයක් ජාතිය වෙනුවෙන්

කෑ ගැහුව උන්වහන්සේත් හිර කරලා දැම්මා

නිකමටවත් හිතුවේ නෑ

එයාලගේ අනාගත දරුවන්ටයි මේ හැමදේම කරන්නේ කියලා.

මම දන්නවා

තව අවුරුදු පනහකින් හැටකින්

අපේ අත්තම්මලා සීයලා හදපු පන්සල්,

පල්ලි වෙලා තියේවි

කාන්තාවෝ මිනිස්සුන්ගෙ

හිත් විකෘති කරන ඇඳුම් ඇඳගෙන

අරක්කු සිගරට් බීලා

පාරේ වැටිලා...

ගෙදර අම්මලා බීලා

හතර ගාතෙ දාල වැටිලා

තරුණ ගෑනු ළමයි අරක්කු බීලා

පාරතොටේ වැටිලා ඉඳීවි...

මුස්ලිම් මිනිස්සු රටේ අනාගතය අනිවාර්යයෙන්ම අල්ලනවා

එදාට අපේ දරුවො කපලා

මරලා දාලා තියේවි...

ඔවුන්ගේ ආගමට හැරුණේ නැත්නම්, බංග්ලාදේශය, මියන්මාරය වගේ වේවි

මෙච්චර දේවල් හාමුදුරුවරු

ජාතිය වෙනුවෙන් කරලා

කෑ ගහල යමක් කරනකොට

උන්වහන්සේලාව හිරේ දානවා...

වසර ලොකු හාමුදුරුවනේ

මේ මගේ හැම යාලුවෙක්ම

සිවුර හැර යන්නට හේතු වුණේ

මුස්ලිම් අයවත්

ක්‍රිස්තියානි අයවත්

දෙමළ අයවත් නිසා නොවෙයි

සිංහල බෞද්ධ අයගෙන්

බැනුම් ගැරහුම් නිසාමයි

උවමනාවට වඩා පොඩි හිමිවරුන්ගේ

සිල් හොයපු නිසාමයි,

"මේ කාලයේ සීලය නොවේ

සිවුරක් වත් දරාගෙන ඉන්නවා නම් ඇති

පන්සල වහන්නේ නැතිව!" කියල

කිසිම මිනිසෙකුට හිතුනෙ නෑ

හැම හාමුදුරුවෝ කෙනෙකුටම නිකරුනේ සිවුර හැරලා යන්න හේතු වුණේ මෙන්න මේකයි

අවසර ලොකු ස්වාමීන්වහන්ස,

මට අනේක වාරයක් සමාවෙන්න

මම අදින් පස්සේ ආය පන්සලට එන්නේ නෑ

ඒ තරමට සිවුර එපා උනා

මම දන්නවා

මිනිස්සු දුන්නු දන් වලඳපු නිසා,

වැදුම් ගත්ත නිසා,

පව් පිරෙයි

ඒත් අවුරුදු නවයේ ඉඳන්

මේ වෙනකන්

රෑ දවාලක් නැතිව කඳුළු සඟවා ගෙන

කරපු පින් වැඩි ඇති

අවසරයි ලොකු හාමුදුරුවනේ

පන්සලේ කරපු කියපු හැම දේම

මාව සතුටු කඳුළින් ජීවත් කරවාවි!

මම ඉගෙන ගත්ත නිසාවත්

ලොකු තැනකට ආව නිසාවත්

ගෑනු ගන්න ඕන නිසාවත්

නොවෙයි මේ යන්නේ.

සසර පුරාවට බුදු සිවුර දරාගෙන

සසර පුරා ඉන්න ලැබේවා

කියලා මම පතනවා

ඒත් ආයේ කවදාකවත්

මේ සිංහල මිනිස්සු අතරේ නම් ඉපදෙන්න එපා

ඒ මිනිස්සු සිවුරට වෛර කරනවා!

ඉස්සර වගේ සිවුරට ගරු කරන්නේ නෑ!

සමහරවිට අපේ හාමුදුරුවරුන්ගේ දේශපාලන වැරදි නිසාම වෙන්න ඇති!

ඒ වගේම අන්‍යාගමිකයෝ

කාට හරි සිවුරු අන්දවලා

හාමුදුරුවරු වගේ පාරේ යවලා

සිංදු කියවන නිසා, රණ්ඩු කරවන නිසා

වෙන්න ඇති

අරක්කු සිගරට් බිබී පාරෙ ඇවිද්දවන නිසා වෙන්න ඇති

එතකොට සමහර විට මිනිස්සු අප කෙරෙහි ඇපැහැදෙනවා

හාමුදුරුවරුන්ගෙ හැටි කියලා

ඒ විදිහට ක්‍රිස්තියානි, මුස්ලිම්

බල වේගයෙනුත් රටේ තියෙනවා

කාටවත් මේවා ගානක්වත් නෑ

මම දන්නවා

හෙට ඉඳලා මට දුක් විඳින්න වේවි

මිනිස්සුන්ගෙන් බැනුම් අහලා

සල්ලි කීයක් හරි හොයාගන්න

ඒ බැනුම් ටික හරි

හදවතට සැනසීමක් වේවි,

දන් පාත්‍රය දීලා බැනුම් අහනකොට

ඒක ඊට වඩා වේදනාවක් .

ඉදිරියේදී සමහර දායකයෝ,

"අපේ බත් කාලා ගියා", කියලා බනීවි

මේ ඔක්කොම ඉවසගෙන ඉන්න පුලුවන්,

ඒත් මට දුක ලොකු ස්වාමීන්වහන්ස,

කවුරුවත් ආරණ්‍යගත,

අහිංසක ස්වාමීන්වහන්සේලා පිඬුසිඟා වඩින මග තුවක්කු බඳින එක,

බෝතල්/වීදුරු කටු දාන එක,

ඒ දුෂ්කර ගම්වල සිංහලයන්ට සල්ලි දීලා

දානේ පිළිගන්වන එක නවත්වන එක,

හොරෙක් සිවුරක් පොරවගෙන ගෙවල් වලට එනවා කියලා ඒ හාමුදුරුවන්ට ගමේම අය දම්මලා ගස්සන එක...

ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ,

ආරංචි උනත්,

තමන්ගේ ලේසියට තමන්ම රවට්ට ගන්නවා

එහෙම දෙය්ක් මේ රටේ වෙන්නේ නෑ කියලා,

එහෙම්මම ආයෙමත් බනින්න ගන්නවා හාමුදුරුවන්ට!!!

අවසර ලොකු හාමුදුරුවනේ

ඉවසලා ඉවසලා අවසානයේ මේ තීරණය ගත්තේ

තණකොළ ගහක් ගලවලා හරි කමක් නෑ

එදා වේල කාලා සතුටින් ජීවත් වෙනවා

කියලා අවසාන වශයෙන් තීරණය කළේ

එදා සාමාන්‍ය පෙළ විභාගය

පාස් වුණ දවසේ හිතුවේ

මම ලොකු වෙලා හොඳට ඉගෙනගෙන 

මිනිස්සුන්ට සේවයක් කරනවා

දහම් පාසල් දියුණු කරනවා කියල...

එත් අවාසනාවට ඒ ලොකු තැනට යන්න බැරිවුණා,

හැමදාම පාංශකූල

පිරිත් පින්කම්

දාන

බෝධිපූජා...

ඒ වැඩ නිසා පිරිවෙනේ වැඩ ටික දිගට කරගෙන යන්න මට බැරි වුණා

පිරිවෙනින් බැනුම් ඇහුවා,

පිරිවෙනේ වැඩ කරගන්න ගියොත්

පන්සලේ වැඩ කරන්න වෙන්නේ නෑ

කියලා මිනිස්සු බනිනවා,

ඒ අය අසරණත් වෙනවා

ඒ නිසා මම තීරණය කරා 

ඉගෙන ගන්න එක අතහැරලා

ගමේ පන්සලේ ඒ මිනිස්සුන්ට

සේවය කරනවා කියලා...

ඒ වගේම හැමදාම

අපේ සිංහල මිනිස්සුන්ට බුදු දහම

පැත්තෙන්, සංඝයා වහන්සේගේ පැත්තෙන්

වෙන්න ඕන හැම දේම

අපේ මිනිස්සුන්ට හරිම ආදරෙන් කලා

අවසර ලොකු හාමුදුරුවනේ

දැන් ලංකාවේ භික්ෂූන් වහන්සේලා

තිස් දාහක් වත් නැති තරම්

තවත් ටික දවසකින් ඒ ඉලක්කම

ගොඩාක් අඩු වෙලා තියේවි

පාරාජිකා වෙන භික්ෂූන් ඉඳීවි,

එතකොට අපේ සිංහල බෞද්ධයෝ

තේරුම් ගනීවී,

ඒත් එතකොට පරක්කු වැඩි වෙලා තියේවි!

අවසර ලොකු ස්වාමීන්වහන්ස

මම දන්නවා

අපේ පන්සල වටේ පන්සල් 15 ටම ඉන්නේ පොඩි හාමුදුරුවෝ තුන් නමයි!

වැඩ වාසය කරන ලොකු හාමුදුරුවරුත්

අවුරුදු 60ට වඩා වැඩියි

ඒ හැමදේම දැකලයි

සිවුරට ආදරෙන්

පන්සල, ශාසනය රැක ගන්න හිතුවේ

ඒත් අපේම දායකයෝ

අපි දිහා බැලුවේ වපර ඇහෙන්

එහෙම බලන මොහොතක් ගානේ දැනුනේ මහාම ලොකු වේදනාවක්.

අනාගතේ මුස්ලිම් මිනිස්සු ඉදිරියට එනවා,

මේ රට අල්ලා ගන්නවා.

අපේ අහිංසක සිංහල බෞද්ධ දරුවන්ට මුහුදට පනින වේවි.

ඒ හැමදේම දැකලයි ලොකු හාමුදුරුවනේ 

සිවුරට ආදරේ කලේ!

මිනිස්සු කියාවි,

මේ හැම දේම කලකිරිලා නම්

ඇයි ආරණ්‍ය ගත වෙලා නිවන් අවබෝධ

කර ගන්න උත්සාහ් නොකර සිවුර අත අරින්නේ කියලා!

ඒව අහන අය, ඒවට උත්තර ලබන්න තරම් වැදගත් අය කියලා මගේ හිතට එන්නේ නෑ!

අවසර ලොකු හාමුදුරුවනේ

එහෙමනම් මට අවසරයි

මම නවතින්නම්

මම මගේ " අප්පච්චි" කියල කියන්නම්.

ඔබ වහන්සේව ආයෙ කවදාවත් හමු නොවේවි

මට කෝල් කරන්න එපා

දුරකථනය වැඩ නොකරාවි

මම හෙට යනවා

ආයෙමත් ගෙදර හේනට...

සිංහල බෞද්ධයෝ එක්ක

මට මේ උන දේවල් වලට

මං කවදාවත්

තරහක් ගන්නේ නෑ

දැන් බහුතරයක් හාමුදුරුවො

සිවුර හැර යන්නේ

සිංහල මිනිස්සුන්ගේ දොස් නැගීම නිසා...

මගේ අවසාන පැතුම

කවදාවත් මට උනා වගේ

පුංචි හාමුදුරු නමකට,

තරුණ හාමුදුරුවෝ නමකට නම්

සිත කලකිරිල

වේදනාවෙන් තැවිතැවී ඉඳලා ඉඳලා

අන්තිමට දරා ගන්න බැරුව

මේ සිවුර හැර යන්න වෙන්න නම් එපා

මේ සිවුරට ආදරෙන්

ඉන්න පුළුවන් මිනිස්සු ටිකක්

දරුවෙකුට වගේ ආදරේ කරන

අම්මලා අප්පච්චිලා වගේ දායකයෝ ටිකක් 

ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

පාරාජිකා ඇරෙන්න,

සීලයේ අඩු පාඩුකම් අල්පමාත්‍රයක් තිබුනත්,

සිවුර දරාගෙන හරි ඉන්නවා ඇති

ඒකත් අපේ සාසනය රැකෙන්න ඇති

කියලා හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉක්මනින් නැවත මේ රටේ ඇති වේවායි

මගේ අවසාන පැතුම!

අවසර මගේ අප්පච්චියේ!

සමුගෙන යන්න අවසරයි

අද ඉඳන් මම ඈතට යනවා

මේ අතීතය හදවතේ දරාගෙන

මෙතෙක් කල් මාව හැදුවේ

මාව බලා ගත්තේ,

මට හැමදේම කියලා දුන්නේ,

මගේ ළඟින් හිටියේ

ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේයි,

අවසරයි ලොකු හාමුදුරුවනේ

තෙරුවන් සරණයි 

මම පොඩි නම....


ගරහන්න ලේසියි

පළඳින්න අමාරුයි... 🌻


(ජාති වාදී අදහසක් තියනවා කියලා හිතෙනවා නම් ඒව අත් හැරලා අනිත් ටික බලන්න)


(උපුටා ගැනීමකි...)

Friday, June 18, 2021

ඩයරිය

ඇයි ඔයා දිනපොතක් ලියන්නෙ?

ඵක දවසක් කවුරුහරි ඇහුවා!


මට ඕනැවුනේ,

මගේ ජීවිතය ඵතන නවත්තන්න...

දරාගන්න බැරි හැගීම් ඵක්ක,

ඉස්සරහට යන්න බැරි මතකයන් ඵක්ක

මාවම එතන හිරකරල තියන්න...

අයෙමත් හොයාගන්න පුලුවන් විදිහට,

පුංචි පුංචි සිහිවටන එක්ක,

මළගිය සාක්ෂිකාරයො ඵක්ක,

මාවම හිරකරල තියන්න...


ඇත්තටම ඒක සොහොන් පිට්ටනියක්...

ජීවත් වෙන කාටවත් වැඩක් නැති,

අමු සොහොනක්...

ඉදල හිටල ගිහින්,

පහනක් පත්තු කරලා ඵන,

මතකයන් වල දාපු 

සොහොනක්...


ඉතින් මන් ආසයි,

දවසක ඔයත් ඵක්ක,

ඵ් සොහොන ඇතුලේ ලියවුන,

හැම සොහොන් කොතක් ළඟටම ගිහින්...

ටිකක් වෙලා ඒක දිහා බලන් ඉඳලා

ගෙනිච්ච මල් ඵකින් ඵක තියල

පහනක් පත්තු කරල ඵන්න...


ඵන ගමන්

ඔයාව බස් ඵකට

ගොඩකරල ඵන්න බැරියැ...


✒️  වීරප්පන් 

නුවර 💜️


Bohemian - Simple Lifestyle

Magnolia flowers - Symbolize The Love for Nature

Venus - Goddess of Love

Iris Flowers - Symbolize Hope & Faith

Heliotrope Flowers - Eternal Love

Amaya Hills (a Hotel Hidden In The Hanthana Mt.Range)



අදත් නුවරට වහිනවා ඇති

මම නැතත් ළඟ ඇය...

කෝපි දුම පිරී ඉතිරුනු,

ඇය ඇති, ඇගේ සුන්දර

හුදෙකලා බොහීමියන් කුටිය තුල;

ඇගෙ පියකරු

මැග්නෝලියානුක නෙත් යොමාගෙන...

යදිනවා ඇති ඇය

දෙවඟන වීනස් හට කණ වැකෙන ලෙස...

මවෙත අයිරිස් මලක් එවා ගත

නොහෙනුව...

ගැහෙනවා ඇති ඇගේ හදවත

හීලියෝට්‍රොපික මල් සැලෙන ලෙස,


ඉඳින් ඉවසන්

දෙවඟනාවිය,

මේ වගේම වැහි දවසක

ආයෙමත් මම

නුවර ආව හවසක

අපේ ඔරලෝසුවල

උත්තර නැති - අපිට ඇති

ප්‍රශ්න ඔක්කොම

විනාඩි පැය කටුවල

අමුනලා එකට එක...


එකක් විසි කරමු; මහවැලියට

අනික ගිල්ලමු; නුවර වැව යට...


පෙරාතුව, පරදින දිනට

අපේ ජීවිත,

මේ ප්‍රශ්න එක්කම

ඔරලෝසුවේ කටු වලට...


කැම්පස් චෛත්‍යය

මහවැලිය අද්දර දිගන පන්සල

රහත් හිමිවරු වැඩ සිටින,

උඩවත්ත කැලය කඳු මුදුන...

ආලෝක වර්ෂ මෙන් දැනුනු,

අප අතර - අඩියක පමණ පරතරය...

රාජකීය පොකුණ පසු කර

නුවර දළඳා මුනිදු අභියස,

නගිමු පියගැටපෙල

විඳිමින් සවස නුවර අසිරිය,

ගමනාන්තය:

බහිරවකන්ද මුනිදු අභිමුව,

වඳිමු අපි අපේ

සිත් සන්තානයම

නිසල කරගෙන 🙏🙏🙏


හන්තාන පාමුල

මීදුමට බිලිවුන

සීත තානායමක,

උනුම උනුවට

ප්ලේන්ටියකුයි,

රොටියකුයි

ආගිය විස්තර

කෝටියකකුයි

එක්ක,

දොඩමලු වෙමු අපි අපිට ළංව,

වැටෙන වැහි බිංදු අත්ල මත

පෘථිවි තලයට වැටෙන්නට පෙර

මොහොතකට නතර කරගෙන

...

මේ මොහොත මෙන් අප ගෙවන,

නතර කරගෙන දිනක් දෙකක්

දින කීහිපයක්,

ජීවිතෙන් එපිට හැමදාම අපි දුවන...


විඳිමු අපි සෙනෙහස

තුරුලු වෙමු,

සිප ගනිමු,

සිනහ වෙමු,

වැලපෙමු,

අඳුරු බීරුම තුලම...

කැම්පස් එක,

කැම්පස් එකේ Pub එක,

ආදරවන්තයින්ගේ මාවත,

රාජසිංහ මාවත,

KCC එක, වැව රවුම,

බියර් තොලගෑ රාජකීය තැබෑරුම with

Their Unique Recipe

of Potato Wedges

dipped in Kandy Chillie Sauce සැර එක්ක,


...

මලින් පිරුණු තුරු ඇති,

මලින් විසිරුණු මාවත් දුවන

මන්දාරම් අඳුරේ ගැඹුරේම කිමිදුන

හෙල්ගා'ස් ෆොලීහි ඉපැරණි සෝෆාව මත...

වෙමු, වෙළෙමු වැළඳගමු උනුසුම්ව!!!


ජීවිතය ඔරලෝසුවට

පරදින දවස

අමතක කරමු එකම එක දවසකට

ඒ දවසට කලින් දවසක

මට ඕන

සිගරට් එකක් එක්ක

බොන්න කලු කෝපි

කෝප්පයක් ඔයා එක්ක,

තුරුලු වී තෙමෙමින්

ටොරිංටන් චතුරස්‍රයේ

දුම් දමන වීදි කෑම එක්ක

උණුසුම හොයමු අපි අපේ තුරුලු වල

ගිහින් නිදන තුරු "අමායා කඳු" සිකරයට!




Sunday, June 13, 2021

සීතල ගමක වැහි දාක...

 අපේ ජීවිත වගේම

නිවි නිවී යන;

කෝපි කෝප්පෙකුයි

ගෝල්ඩ්ලීෆ් එකකුයි අතේ තියාගෙන

සවස් වරුවට;

නවතින්නේ නැතිව

වැහි වැටෙන ගමක,

හිරිකඩ අතරින්

සිගරට් දුම පියාඹන,

හුදෙකලා වුනු

සොඳුරු සීතල ආලින්දයක;

පරණ මතක අලුත් කරවන

හදවත තුල ගිනිකඳු පුපුරවන

සියොළඟම උණුහුම් කරන

උඹ මට දීලා ගිය මතක ගොඩ එක්ක,

අතීතකාමයෙන් වෙලුනු

වස්සාන ඇඳිරියේ වැහි

බිංදු අතරින් හමා ගිය අපේ කාලය

හෙලා ගිහින් තැන තැන අපිව සීසීකඩ

කොහේ කොතැනක අද නුඹ

ඉන්නවාදැයි

නොදනිමි

නොනිදමි

සිතමි

නොමියන

සෑම දිනෙකම

තනිව මම:

පත්තර කොළවල

සඟරා පිටුවල හැම දින,

අපේ කතන්දර,

අපේ නම් ගම්

මනඃකල්පිත ලෙස

ලියා තිබුනා

අපේම ජීවිත,

අපේ හිත් ගැන...

උඹ එක්ක මම හිටියා

ඒ කවි-කතා-නිසඳැස් තුලම

දහස් ගණනින්

එහෙම ඒව්වා වැටී තිබුනා

ඒම පිටු වල

එකම ළඟ, එක දිගට...

Wednesday, November 20, 2019

Us

එතෙර වුනා ජීවිතයක් නුඹ වෙත, ශ්වේත රළ මත මාගේ,
නතර වුනා නුඹේ දුක, කලක් පුරා වද දුන් හැම සති හතරේ,
සපල වුනා, නුඹ මෙතෙකල් පැතු ඒ සුන්දර සිහිනේ,
සසර වුනා තව දිගු, අපේම වුනු තවකෙකුගේ,
සසල වුනා මුත් දෙහදම, හසරැල් දිලුණා අප නෙතු අතරේ,
ගිමන් හෙලා මගේ හිස, මත නුඹේ හති අරිනා පපු අරණේ
සුසුම් නිසා මගේ, උණුසුම් තෙත් දහදිය වැල්, සිසිල් වුණා නුඹේ මුදු මුහුණේ,
ඇඟිලි තුඩින් මම ඇන්දා සිතිවිලි, නුඹේ ඒ සුසිනිදු ළමැදේ,
සසරක් වුව ඉන්නට හැකි මට, නුඹේ ඔය කුළුඳුල් පහසේ,
සිතම වුනා තුටු, පැතුවා නුඹ මගේම වන්නට මතු එන සසරේ!!!

Sunday, June 30, 2019

Thanky For Taking Me Back to 90's... Giving Me a Chance to Relive One Good Old Day 🙏





Dear Brother,
It's been like a decade  since i got to talk with you and listen to you like the good old brothers we were!
And i don't know whether you know this,
But I'v been wanting and longing for a day like that since the  day we hit the adolescent!
Somehow, somewhere between with you've been busy & me being a total mess i missed it!!!
I missed it so bad!
The company of my big brother!!!
So there we were, sipping beer at a lake which' was constructing under your supervision,
Smoking hella lot of fags and different exotic dishes of bites from Padaviya!
Even if 'twas just for a day, it made me feel good for a lifetime!
So dear brother...
Thank you for all your affection, caring and hospitality!!!
I really had an awesome & a relaxed time!!!
& with what's going on in my life in these shitty times i really needed that!
I needed someone i trusted with my life, to talk to and to share!
And it did good for my fucked up mind!!!
I only wish if there were Sachiyah and if it were more than a day!!!
But no regrets, i enjoyed every second of that day & i owe you for all those things & for who i am today!!! Thank you soo very much big bro 😘💜️
'Til next time 🍻
💜️

Saturday, February 2, 2019

Fathoming My Feelings

Fuck mate,
I'm always thinking about deep depression!!!
Like, how did I fall in it?
How far have I fallen in it?
How far do I have to fall in it?
Would I be able to fall enough and fathom the depths of it before I lose myself for good?
And I'm still thinking...

The Life i Have Now

මීදුම සමග මුහු වන සිගරට් දුම සමග,
කම්මුල් මත දිවෙන
රතු පැහැති කඳුලු මත,
ලියවුනු මගේ
කාලකන්නි දිවියට,
ඇරුතක් එක් කරනට,
කෙතරම් වෙර දැරුවද,
මසිත බිඳී ඇත නැවත
පිලිසකර කල නොහැකි ලෙස...

මගේ දෛවය කෙසේ නිම වෙයිද ,
පිළිතුරු නැගෙයි මගෙ සිහියට,
නේක අයුරුන් මෙලොව හැර යන්නට...

නමුදු මා සතු බැඳීම් කිහිපය
වෙලා ගයි මා සිත,
නොදී යන්නට අතැර මේ ලෝකය...

ජීවිතය විඳීමට දැක්ක ඒ හීනය,
බොඳ වෙලා අද විඳවමි ජීවිතය,
ජීවිතය රෝස මල් යහනක් නොවන වග
එය හුදෙක්ම අඛණ්ඩව හුකා ගන්නා
කෙලෙවරක් නැති දිගු ගමනක් පමණක්ම බව
තේරුම් ගිහින්
දැන් සත් වසකටත් වැඩිය
තවත් වසර කීයක් නම්
මේ ලෙස මට යන්න තියේවිද?
ඉන් වසර කීයක්
මට ඉවසගෙන ඉන්න හැකි වෙයිද?
එයට පිළිතුරු නොනැගෙයි මගේ සිහියට,
සිතන්නට තරම් සවියක්ද
නොමැත මා සිත තුල...

මත් වන බොතල් තුල
හදවත සිර කර
තැබූ ඒ කාලය,
දැල්වුන සිගරට් වල
දුම සමග
පොර බැදූ ආත්මය,
ගන්ජා දුම
සිතිවිලි තුල
සිත්තම් මවපු අරුමය
ජීවිතය සුන්දර සිත්තමක් යයි
එකල මට සිතුනද,
කුඩා කල සිට තුටින් වැලන්ද ගත් ජීවිතය,
වර්ණවත් කල ඒ වර්ණ සියල්ලම,
ඇල්කොහොල් සැරට සේදී ගොස්,
සිගරට් දුමට දුර්වර්ණව,
ගන්ජා දුමින් වියලී ගොස් ඇත්තේ,
පාළු මූසල සුසාන භූමියක,
අන්දුරු මුල්ලක ඉරී ඉතිරි උන,
වැස්සෙන් සේදී ගොස්,
කාලයට අවපැහැ ගැහුනු,
දෙලොවක් අතර අතරමංව
තනිව ලෙලදෙන
කහ ගැහුනු සුදු කොඩියක මෙන්‍ ය.

මගේ ආත්මයද,
සුසුම් මත දෙදරන,
දෙලොවක් අතර නිනව්වක් නැතිව,
සිතිවිලි නැමති සැඩ සුළඟේ සැලෙන,
ඉරී යාමට ලංව ඇති
කහ ගැහුනු රෙදි කඩක් වැනිය...

Sunday, November 18, 2018

An Enslaved Soul

මලානික බටහිර අහස වපුරා
කනස්සල්ලයේ නිසඳැස් ලියා
කෙලෙවරක රතු ගිනිසිළු දරාගෙන
මගේ සිත සනසනු පතා
සුවිසල් හිස් නිල් අහස් ගැබ පුරා
මගේ රතු තෙත් නෙතු වසා
දෙතොල් අතරින් නැගෙයි දුම් රැලි
පසුතැවෙන මූසල සිතුවිලි බදා
...
මතකෙට නැගෙයි  මගේ  එකවර
පුංචි කාලේ මම ඔය ගිනි දැල්ලටම
බය උන තරම්
දුටුවේ අපායේ රුදුරු බව,
ඒ රතුවන් ගිනි දළු තුලින්
ඒත් අද මා ඒ දරුණු යැයි සිතූ ගිනි සිළුම,
දුම් මුදාලයි මගේ වියැලුනු මුවින්
...
වියෝ වූ දුම් වැල් අහස බොඳ කර
පාලු හිස් අවකාශය පුරාවට,
මවයි සුර ලොවක හැඩ රටා
...
සාන්කාව, කනස්සල්ල, විශාදය හැරුණු කොට
නැගෙන දුම් වළලු ඇත මගේ දුක බෙදා ගැනුමට
දකින විට අනන්තය
නැගෙන දුම් කඳු වලල්ලෙන් එතෙර
දැවෙයි දෙනෙතම
කඳුලු වෙයි බර
මතක් වී මම ඒ මැවූ සිහිනය, ******** වන්නට
අනේ දැන් පරක්කුයි
අසමි මම මගෙන්ම
ආවේ උඔ මෙහේ පක් ගහන්නද?
වැඩක් නෑ දැන් ** ඉරී ඇත
කාලේ හරි දැන් අතැර යන්නට
...
******ද?,  ජීවිතයද තීරණය කරපන්
දැන් ගොඩක් නාකියි උඔ
මතක් වෙයි එතකොටම මට
දැන් **** නෑ පේන තෙක් මානෙක
කණට ගසයි මට එවිට realityය
කටු ඉඹුල් පිරි ලෝ දියෙන් සැදු
ගිනියම් වන් වූ හස්තයක් බඳු
යථාර්තය මාව කොලරයෙන් උස්සා
පොළොවේ ගසා, දෙපයින්ම පාගා,
අඩ් 6ක් ගැඹුරැති වලක අඩියේ අතුරා
මගේ සිත කය දෙකම වනසා
කෙල ගසා, පස් දමයි මා වසා
...
රත් වර්ණ වූ කඳුලැලි වලින්
රතු පාට වූ දෙනෙතම මගේ
කෝපයෙන් සිත කෑ ගසයි
හඬමින් වැටෙයි දෙදරයි භවේ
අඟල් දෙක තුනක  සිගරට් එකක් මත
ජීවිතයේ මුල මැද අග සොයමින්
යනෙන මං නැතුව
සිතීමටවත් ඉසව්වක් නැතිව
අසරණ වූ මමත්
මා මරණ, මට සරණ වන
දෙතොලතර නිමාවක් නැතිව
දැල්වෙනා
සිගරට් එකත්
ඈත ක්සිතිජය දෙස බලාගත් වනම මම
බලා සිටිනෙමි සිතමින් තවත්,
කොතරම් නම් උත්ප්‍රාසාත්මකද ඒ කියමන,
පෙට්ටියේ පැත්තෙන් කොටා ඇති,
ඉදිරියෙන්, අවවාදයයි!
: දුම් බීම හෘදයාබාධ ඇති කරයි!
පක තමයි...
දුම් වැටිය මට නම් හෘදයාන්ගමයි!!!
...
හුදකලා විට, සිතින් වැටුණු විට
කඳුළු දිය ඇලි මැදින්
දෙතොලතර රැඳි
මා වෙනුවෙන්, මගේ පපුව මෙන්,
පිච්චී පිච්චී අලු වී මියැදෙන නුඹේ දුම් මතින්
මා නගා සිටුවන සහෘදයා උඔයි!
සමහර විට,
ඒ හෘදයාන්ගම උඹ සහෘදයාම,
දවසක
මගේ හෘදය වස්තුවට,
පෙනහළු මලු දෙකට කෙලවයි...
කැටයම් කරපන් එවිට
මගේ  tombstone එකේ
රජෙක් විලසින් ඉපදිලා,
වහලෙක්ව (සිගරට් වලට) මැරිලා ගිය
කාලකන්නියෙක් කියලා...
උඔට හිතෙයි මම මහා මෝඩයෙක් කියලා...
වෙන්න ඇති බන්,
අහලා නැද්ද උඹ මිනිස්සු විවිධාකාරයි කියලා!!!
හැමෝටම මොලේ නෑ,
තොට වගේ රත්තී බොන්න සල්ලි නෑ
(නුවණක්කාර අය ගන්නෙම රත්තී 😂😂😂)

😂😂😂

Saturday, November 17, 2018

Demons

When I close my eyes tonight,
Down my dreams the demons will start to fight...
Whither comes, there goes my life
The way I scream in my dreams's so might
This pathetic life's not a pleasant sight
But a site filled with broken sighs
In the moonlit grave i cry
Staring past the past of my life
Why am I here am i tonight?
Spit on my own grave I,
Ponder to myself I,
That I myself am a huge piece of shite!!!

And in the weary dreams i drown
Heavy is my head right now,
So i bow down to each & every one on my way down
Even when i should pass down a frown,
To them clowns...

Every man dreams of something when they grow
But my dreams are broken and gone a long ago
I had this dream of me,
Die smiling,
Reminiscing all the dreams i achieved...
But Fuck me, i've got nothing & I'm just a useless being😂

Miserable is the life that good for nothing
So imma shut this thing called life down, I'm killing
Myself bit by bit & it's feeling,
So good that i feel so happy and im alive

While every human craves a good life
Here i am craving for painful cries
I cut myself and i silently cry
Heavy are the sighs with blood
Flowing thru my hands, nose and my dry mouth,
Frowning at them blood streams and drowning in'em dark memories...
I'm drowning in my thoughts with them demons weighing me further down,
Deep into the fiery pits of hell!

Friday, June 29, 2018

Ohh Death; The Sweetest Friend O' Mine



It calls me closer, it calls me near
"Just once and it'll be over"
Death whispers in my ear
Irresistible is its sweet entice
Staring down, which one to slice,
I observe my previous tries
My unseen hurt and earlier cries
Whether it's depression or something else,
I dunno why i feel this way...
Many will call this many a names,
Yet i dunno what i feel inside my brain...
No peace in my mind, no peace in my head
The quiet intelligent me, long since fled
Anger and rage consume me
My mind's demons are screaming to be free
The walls of my mind's cage keeps getting caved in...
"Just be still,
Enjoy the rush,
Feel the gush
Of warm and thick and red blood"
I slash down with an improvised knife
First the right wrist,
Then the left...
Blood oozes
And drips down the drain...
A slight tingle with real enjoyable pain,
Once was one layer of skin and a layer of muscle...
Now a fold of muscles apart with a bottom of yellowish pink, the layer of fat i guess!
A Calmness comes over me
My head feels heavy,
I get dizzy and legs go weak...
Both my hands become numb...
Darkness surrounds me,
I get a glimpse of this never ending abyss
I embrace the darkness,
Where me and my thoughts are alone...
I light up a cigarette sit down on the lidded toilet seat...
Writing my thoughts in empty space,
With the smoke as it leaves my lips...
And the journal for today is taken down
When atleast 4 or 5 cigarettes were burnt down...
There goes another day of my never ending shitty life...
Fuck me 😂😂😂

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...